
2024 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තු වාර්ථාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක සංඛාව මිලියන 1.15 ක් ලෙස වාර්ථාවෙලා තියනවා එයට අනුව මධ්‍යම රජය යටතේ 475000 කට අධික සේවක ප්‍රමාණයක් සිටින අතර ප්‍රාදේශීයව 460000 කට වඩා පිරිසක් රජයේ රැකියාවල නියතු වේ.
කෘෂිකර්ම අමාත්‍යංශයට හා ඊට අනුබද්ද ආයතන වල 32627 ක පිරිසක් රැකියා කරන අතර එයින් වැඩිම පිරිසක් ගොවිජන සංවර්ධන දෙපාර්තුමෙන්තුව (14334) අනුයුත්ව සේවා කරනු ලබයි.
ආරක්ශක අමාත්‍යංශයේ හා ත්‍රිවිධ හමුදාවේ 48281 පිරිසක් රැකියාවේ නියුක්ත වන අතර, අධ්‍යාපන අමාතංශයට අනුබද්දිතව 100924 ක් පිරිසක් සේවා ලබා දේ..
එමෙන්ම මුදල් අමාතංශයට හා ඊට අනුබද්දිතව 39216 ක පිරිසක් රැකියා කරන අතර, 85250 ක සේවක සංඛ්‍යාවක් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට අනුයකුත්ව කටයුතු කරයි.
ඉඩම් අමාතංශය යටතට 10918 ක පිරිසක් හා අධිකරණ කටයුතු සදහා 18047 දෙනෙක් සේවා ලබා දේ.
ජනමාධ්‍ය අමාතංශයට අනුබද්දව 25420 ක පිරිසක් සිටින අතර වරාය හා සිවිල් ගුවන් සේවා කටයුතු යටතේ 19799 කටයුතු කරන අතර වාරයේ 8549 කුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 5867 කුත් ගුවන් තොටුපල පරිපාල හා සේවා වල 3940 ක සේවක සංඛ්‍යාවක් සීටී.
තවත් එක් ප්‍රධාන අමාතංශයක් වන බලශක්ති අමාතංශය හී 29851 සේවයේ නියුක්ත වන අතර එයින් 23630 ක පිරිසක් විදුලිබල මණ්ඩය තුළ රැකියා සිදුකරන අතර තේල් සංස්ථාවට අනුයුක්තව 2025 පිරිසක් සේවා ලබාදෙන අතර ගබඩා පර්යන්තයන්හී 2297 පිරිසක් රැකියා සිදුකරනු ලබයි.
මහජන ආරක්ශක අමාතාංශයේ 92000 කට අඩික පිරිසක් සිටින අතර 82632 ක්ම අනුයුක්ත වන්නේ පොලිසිය සඳහාය.
ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්දිතව 53000කට අධික පිරිසක් රැකියා කරන අතර ඉන් 25982 නෙක් ලංකා ගමනා ගමන මණ්ඩයේ හා 14878 පිරිසක් දුම්රිය දේපාර්තුමෙන්තුවේ සේවය කරයි.
10098 දෙනෙක් ජලසම්පදාන හා ජලාප්‍රවාහනයට අනුයුක්තුව සේවය කරනු ලබන අතර වනජීවියට අනුයුක්තව 11050 පිරිසක් සේවා ලබා දේ.
කාන්තා ළමා හා සමාජ සවිබල ගැනවීමේ අමාත්‍යංශය (2024) යටතේ 17932 නෙක් සිටින අතර, එයින් 16611 සමෘද්ධි දෙපාර්තුමේන්තුවට අනුයුක්තය.
මේ ආකාරයට විශාල රැකියා ප්‍රමාණයක් රජය තුළින් උත්පාදනය කලද මේවා බොහොමයක් අකාර්යක්ශම හා අත්‍යාවශ්‍ය නොවේ. විවිධ රජයන් යටතේ තම ඥාතීන් ,හිතවතුන්, ආධාරකරුවන් හා මුදල් ලබා ගෙන විවිධ ලිස්ට් යටතේ දේශපාලන බලපෑමට ලබාදුන් ඒවා වේ.
මෙවර අය වැය තුළිනුත් 75,000ක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කල අතර, එම ක්‍රියාව ඔවුන් ගෙනයන ඩිජිටල් කරණයට හාත්පස ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයකි. ඩිජිටල්කරණය කරමින් රාජ්‍ය සේවාව තුල ඉතා විශාල කොටසක් ලෙස පවතින අඩු කුසලතාවයන් (උදා: කාකස) සහිත රැකියා ක්‍රමයෙන් අඩුකල යුතුව ඇති අතර, රාජ්‍ය සේවය පවත්වා ගැනීමට ගත වන අධික පිරිවැය අඩුකරගත යුතුය.
එක අතකින් ඩිජිටල්කරණය සඳහා ප්‍රාග්ධන වියදම් සිදුකරමින් සිටින පසුබිමක තව තවත් සේවකයින් රාජ්‍ය පද්දතියට අවශෝෂණය කරගැනීම නුවනට හුරු නොවේ. පද්දතිය තුළ සිටන සේවකයින්ගේ කුසලතාවයන් හා හැකියාවන් මත පදනම් වී පුරප්පාඩු තිබේනම් එවා පුරවා ඉන් අනතුරව තවත් පුරප්පාඩු ඇති නම් පමනක් නව බඳවා ගැනීම සිදුකිරීම නුවනට හුරු දෙයකි.
එමගින් රජයෙන් පිටත රැකියා වෙළඳපොල තුළ ඉල්ලුමක් ඇති වන අතර නව රැකියා හා විවසායකත්ව වර්ධනයට එය රුකුලක් වේ. රජයෙන් පිටත රැකියා වෙළදපල පුළුල් කිරීමට සාධනීය සැලැස්මක් හා වැඩලිවලක් ක්‍රියාත්මක කලයුතු අතර, ඩිජිටල්කරණයේ සැබෑ ප්‍රථිඵල අපට රටක් ලෙස ලගාකරගත හැක්කේ එවිටය.
