ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මතයි!

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු සංශෝධනයකින් තොරව සම්මත විය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ ( 09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායකවරයා දැනුම් දුන්නේ ය.

www.bbc.com
Social Sharing
අවකාශය නවතම