
නේපාලේ සිද්ධිය එක්කම මේ වන විට පසුගිය මෑත කාලයේ එවැනි බලය පෙරලූ රටවල් කිහිපයක් ගැන සාකච්ඡාවක් නැවත මතු වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට කදිම උදාහරණයක්. මේ රටවල් සියල්ලගේම පොදු සාධකය බල අරගලයෙන් පස්සෙ රටට අත්වන ඉරණම. රට අරාජිකම වෙනවා. ව්‍යාපාර බිද වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා.
අනික මේ බල අරගල වල පැරණි සියවස්වල වගේ සිස්ටම් එකක් සම්පූර්ණයෙන් වෙනස් කරන්න න්‍යායික පදනමකින් කරන අරගල නෙවෙ. මේවා එන්නෙම ඒකාධිපති නායකත්වයකට හෝ දූෂිත පාල්නයකට හෝ අකාර්යක්ෂම පාලනයකට හෝ වෙනත් කුඩා සිද්ධි පදනම් කරගෙන. හොදම උදාහරණය නේපාලෙ අරගලය පටන් ගන්නෙ සමාජ මාධ්‍ය වාරණයකින්. ඉතින් මෙතනදී වැදගත්ම මේ අරගල වල ක්‍රියාකාරී පරම්පරාවයි.
අලුත් පරම්පරාවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවත්වාගෙන යන විදිහ අලුතෙන් හිතන්න වෙනවා. මොකද ඒ පරම්පරාව ඉක්මනින් රුචිය වෙනස් වන, තෘප්තිමය ක්ෂණිකව වෙනස් වන තාක්ශණයත් එක්ක සීග්‍රයෙන් අප්ඩේට් වෙන දත්ත ගොඩක් තියෙන මමත්වය පෙරටු කරගත් ජන්ද දායකයන්. එතකොට අවුරුදු 4කට හෝ 5කට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බලය ගත්තට අවුරුද්දක් දෙකක් යනකොට ඒ පරම්පරාවේ ජන්ද දායකයන්ට පාලකයාව තෘප්තිමත් නොවීම ක්ෂණිකව විය හැකි දෙයක්.
එහෙනම් අපි සංවාදයක් නිර්මාණය කල යුතුයි ඒ පරම්පරාවේ හැසිරීම් සැලකිල්ලට ගෙන, රට ගිනි තියලා මිනිස්සු මරලා රටම අරාජික කරලා බලය හුවමාරු කරන එක වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව බලය හුවමාරු කරන විදිහක් ගැන. මොකද එහෙම සුමටව කලොත් රටේ ආර්ථිකය ව්‍යාපාර ජන ජීවිතය කඩාගෙන වැටෙන්නෙ නෑ. ඉන්න තැන ඉදන් පහලට වැටෙන්නෙ නැතුව අලුත් නායකත්වයක් එක්ක රටට ඉදිරියට යන්න පුලුවන්.
අනික මේ වගේ අරගල අවසානයේ රට හමුදා පාලනයකට හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට ගෙනි යන්න පුලුවන්. රට කොටස් වලට කැඩෙන්න පුලුවන්. ඒ නිසා දැන් නූතන පරම්පරාව මේ ගැන සංවාදය පටන් ගන්න ඕනි.
හරි මේ මගේ යෝජනාව,
රටක ඒ මොහොතේ පවතින පාලනය හෝ ආණ්ඩුවට යම් පිරිසක් එරෙහි නම්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුලින් ඒ කියන්නෙ නැවත ජනතා කැමැත්තෙන් මැතිවරණයකින් අලුත් ආණ්ඩුවක් පත් කල යුතුයි. ඒක හරියට නැවත කැදවිමේ බලයක් හා සමානයි. ඒ සදහා මැතිවරණයක් කැදවීමේ බලය ජනතාවට, අධිකරණයට හෝ මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය.
එලෙස කරන්න අවම වශයෙන් සමස්ත ලියාපදිංචි ජන්ද දායකයන්ගෙන් 10% 20% ක ජනතා විරෝධයක් ලිඛිතව අධිකරණයට හෝ මැතිවරණ කොමිසමට හෝ අදාළ ආයතනයට ගොනු කිරීමටත් එහි නිරවුල්භාවයන් සැලකිල්ලට ගෙන පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මැතිවරණයකින් නව රජයක් පත් කර ගැනීමටත් ජනතාවට බලය හිමි විය යුතුය.
මෙතනදී අනෙක් කාරණය තමා රටක බලය ස්ථාවරව පවත්වාගෙන යෑම. මොකද රටේ බලය කෙටි කාලයකින් වෙනස් වෙනවානම් රටට ආයෝජනයක්වත් එන්නෙ නෑ. ආර්ථිකය ස්ථාවර වෙන්නෙ නෑ. ඒ නිසා මේ ජනතා විරෝධය හරියටම අධිකරණය හෝ අදාල බලයලත් ආයතනය විභාග කරන්න ඕනි.
ඉතින් මේ ගැන තව සංවාද කල යුතුයි. රටවල් වැටෙන්න දෙන්නෙ නැතුව අපි මානව සමාජය ඉදිරියට ගෙනියන්න වැඩ කරමු!
