නරුමත්වයට එරෙහිව හරිණි.., – මහේෂ් හපුගොඩ

දැන් මේ හරිණි අමරසූරිය අගමැතිණිය ගැන මෙච්චර කලබල වෙලා තියෙන්නේ ඇයි? එයාට මහන්සිලු. එයා ආතතියෙන්ලු. දැන් ඇති ඉල්ලා අස්වෙන්නලු. මේ වගේ කතා ගොඩයි.

දැන් හරිණි මොකක්ද ඇත්තට කරලා තියෙන්නේ. සංඛ්‍යාලේඛන පැටලි පැටලි හරි මොකක්ද මේ කියන්න හදල තියන සත්‍යය?

වෙනත් විදියකට කියනවා නම් දිව පැටලි පැටලි හරි මොකක්ද මේ කියවෙන සත්‍යය?

ඒ තමයි සුප්‍රීම් සැට් කියල චන්ද්‍රිකාවක් කවුරුහරි යවල තියනවා. ඒකෙ රෝහිත් රාජපක්ෂ කියල රාජපක්ෂවරුන්ට සම්බන්ද චරිතයක් ඉඳල තියනවා. ඒ චන්ද්‍රිකාවට ලංකාවේ සල්ලිවල සතයකවත් සම්බන්දයක් නැහැ. ඒ උනත් පොඩි හෝ ලොකු ලාභයක් හැම වසරකම තියනවා. ඒ ලාභයේ ප්‍රමාණය ගැන පැටලිල්ලක් තියනවා. ඔච්චරයි.

මෙයින් හරිණි සිදු නොකරපු දේ මොකක්ද? ඒ තමයි මේකෙ හොරකමක් වෙලා තියනවා. දූෂණයක් වෙලා තියනවා. මුදල් අවභාවිතාවක් වෙලා තියනවා. රාජපක්ෂලා හොරු. ඒ නිසා මේක ඇතුලෙත් මොකක් හරි හොරකමක් ඇති (unknown unknowns). ඒ නිසා අපි මේක හොයනවා කියල වක්‍රව ෆෑන්ස්ලට ආතල් එකක් දුන්නේ නැතිකම.

ඩොනල්ඩ් රම්ස්ෆෙඩ් (Donald Rumsfeld) ඉරාකය ගැන කිව්වා වගේ ‘අපිත් නොදන්නා අවි අපිත් නොදැනීම’ ඉරාකයේ තියෙන්න පුළුවන්. අපි මේ හදන්නේ ඒවා හොයන්න සහ විනාශ කරන්න. මේ තමයි දෘෂ්ටිවාදයේ නරුමම ආස්ථානය කියල ජිජැක් කියනවා. රටක් ආක්‍රමණය කරන්න ඕනි උනාම තමයි ‘අපිත් නොදන්නා මේ නොදන්නා දෙය’ එළියට එන්නේ. ඒ කියන්නේ ‘කවුරුත් නොදන්නා අපත් නොදන්නා දෙයක්’ (There are unknown unknowns -අප නොදන්නා බව අපි දන්නෙත් නැහැ) වෙනුවෙන් තමයි යුද්ධයක් කරන්නේ. මේක තමයි නරුම බව.

හරිණි කලේ මේ නරුමත්වය ප්‍රතික්ෂේප කිරීම.

රාජපක්ෂලාගේ අවුල් ඇති. හැබැයි මෙතන එහෙම දෙයක් නැහැ. එච්චරයි….

Social Sharing
නවතම පුවත්