ඇමරිකානු තීරු බද්දෙන් මෙරටට සිදුවන බලපෑම

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ දන්වා සිටියේ ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු  30% එළැඹෙන අගෝස්තු 01 සිට බලාත්මක වන බවයි.

දෙරට අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පනවන බව ඉකුත් අප්‍රේල් මස 02 වනදා මුල්වරට ජනපති ට්‍රම්ප් නිවේදනය කළත් ඊයේ ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට යොමුකරන ලද ලිපියෙන් එම ගණන සියයට 14කින් අඩුකර තිබුණි. ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් පැවසුවේ, මෙම තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත්, අමෙරිකාව අලුතින් පැනවූ අන්‍යොන්‍ය තීරුබදු  30%ට අමතරව දැනට පවතින  10%ක තීරු බදු ද එක්වීමට නියමිත අතර  ඒ අනුව, ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයට ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල වේ.

ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසා සිටියේ, “ඇඟලුම් ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංග්ලාදේශය සහ සමහර අප්‍රිකානු රටවල් එක්ක. මේ රටවල වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. ඇතැම් විට අපේ මිල වැඩිවීම බංග්ලාදේශය සමග සසඳලා බැලුවොත් ලංකාවේ නිපදවන භාණ්ඩයකට වඩා මිල අඩුවීමේ ප්‍රතිශතය ඉතාම වැඩියි. මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න වෙනවා.” 

උපුටා ගැනීම දෙරණ වෙබ් පිටුවෙනි.

Social Sharing
අවකාශය නවතම