යුධ සමයේ ඉන්දියාවට පලාගිය ශ්‍රි ලාංකිකයන්ට යළි මව්බිමට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට රජය තීරණය කරයි.

යුධ සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස එරට රැඳී සිටින පුද්ගලයන් නැවත මෙරටට පැමිණීමට පවතින බාධාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා සිටියේ ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි. උතුරේ ජීවත් වූ ඇතැම් පිරිස් යුද්ධය පැවති සමයේ දී ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වන බව වාර්තා වේ. එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් පවතින බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. මේ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව පවතී.

Social Sharing
අවකාශය පුවත්