ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයන්ගේ හිඟයක්

ඔස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා සහ ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසති.

එසේ නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සහ තාවකාලික පදනම මත රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් යොමුකර ඇති වීසා අයැදුම්පත් මිලියනයක් පමණ ආගමන විගමන කාර්යාලවල සිරව ඇති බව එරට බළධාරීන් පවසා ඇත.

ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ, ආගමන විගමන කාර්යාල සහ විදේශීය ශ්‍රමිකයින් සම්බන්ධ කටයුතු සිදු කෙරෙන කාර්යාලවල සම්පත් හිඟය, මීට හේතුව බවයි.

වසර දෙකක් පමණ පැවති දැඩි දේශසීමා පාලනයන්, රට තුළ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් රට හැර යාම වැනි කරුණු ද ඔස්ට්‍රේලියාව තුළ මෙලෙස ශ්‍රමිකයින් හිඟ වීමට හේතුවී ඇතැයි සඳහන් ය.

Social Sharing
නවතම විදෙස්