ගෑස් ප්‍රශ්නයට, ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ පන්නයේ විසඳුමක්

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් බෙදාහැරීම නතරවෙනු ඇත. මෙම තොරතුර ලිට්‍රෝ සමාගම තහවුරු කරන අතර ලාෆ් සමාගම පවසන්නේ තමන්ට තවමත් එවැනි තීරණයක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුනොවුණ බවය.

පසුගිය කාලයේ දිවයින පුරාම ගෑස් පිපිරීම් වාර්තා වූ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙම ගෑස් පිපිරීම් පිටුපස ලාභ ලබමින් තිබෙන ලිට්‍රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ කූඨ සැළැස්මක් ඇති බවය.

Social Sharing
නවතම