ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…
Read MoreTag: Sri Lanka
බූවල්ලෙක්ට ඉඩ දෙන්න, දිව අල්ලා ගන්න..!
කේ. සංජීව ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන කෑම ජාති අතරේ, මුහුදට කොච්චර ඉඩක් වෙන් වෙනවද? මේක මම කාලයක් තිස්සේ හිතමින් ඉන්න දෙයක්. අපේ දිව අපේ මුහුද විඳලා තියෙනවද හරියට, ඒකයි මගේ ප්රශ්නය. මම කාලයක් සිංගප්පුරුවේ හිටියා. සිංගප්පුරුව කියලා කියන්නෙත් ලංකාව වගේම දූපතක්. මේ දූවේ මිනිස්සු මාළු (පොදුවේ මුහුදු ආහාරවලට මම මාළු කියන්නම්..) කන කෑම දැක්කාම පිස්සු හැදෙනවා. මුහුදු ආහාර වට්ටෝරු කොච්චරද? අම්මෝ…
Read Moreකරූට දීලා බලමුද?
අද විශේෂ දිනයක්. කොලඹ කොටුව යුද්ධ කලාපයක් වගේ වෙලා. ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව ස්ථිර යකඩ වැටවල්වලින් කොටුපවුරක් බැඳලා. ජනබලය ඒ යකඩ පවුරට ළඟාවෙමින් තිබෙන මොහොතක් මේක. අන්තරයේ පාගමනට පොලීසියේ සහ හමුදාවේ සූදානම ගැන උදේ පාන්දරම කෝල් එකක් දීලා විස්තරයක් කීවේ විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙක්. තත්ත්වය හොඳටම බයානකයි. ජන බලයට එරෙහිව අවි එසවෙන්න පුලුවන් බව තමයි හැම තැනින්ම පේන්න තිබෙන්නේ. උතුරෙන් දකුණට සංක්‍රමණය වුණ හමුදාව කොළඹ වාඩිලාගෙන ඉන්නවා. තමන්ට නියෝග ලැබෙන කම්. මේ තත්ත්වය අස්සේ ලේවැකි මර්දනයක් ද එහෙම නැත්තං මේ අර්බුදය සමනය කරපු හෙට දවසක් ද කියලා ගැඹුරින් හිතන්න ඕනී දවසක්…
Read Moreකරූට යෝජනාවක්
මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්රයකම මිනිස්සු අසරණ වෙලා. කරන්න පුලුවන් එකමදේ ආණ්ඩුව පලි ගහන එක විතරයි. ඕකුන්ට හෙන ගහපන් කියලා නොකියපු කටක් දැන් නැති තරම්. ඇත්තටම මේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුයක් වෙලා. ඒක රටටම දැනෙන්න පටන් අරන්. රාජපක්ෂලාගේ දේශපාලනය. ලොකුකම්, පම්පෝරි ඔක්කොම ඉවරයි. තවමත් නොමේරූකමටද කොහේද නාමල්ගේ නං ගොං කතා අඩු වෙලා නෑ. දැන් ආණ්ඩුව ඇතුළේ අභයන්තර අර්බුදත් බරපතල විදිහට උඩු…
Read Moreලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්‍රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.
ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ කොළඹ නගරයේ සහ පිට පළාත්වල ප්‍රධාන ඉඩම් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා බදු දී අවම වශයෙන් ඩොලර් බිලියන 6ක්වත් රැස් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය. එම පුවතට අනුව මෙම ඉඩම් කොටස්වලින් සියයට 51 ක් රජය සතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය හෝ හවුල් ව්‍යාපාර මත පිරිනැමීමට නියමිතය.. ඒ අනුව…
Read MorePTA පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වළකින්න – NPC ය රජයෙන් ඉල්ලයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නේ රජය වැදගත් ප්‍රතිපත්ති වෙනස්කම් ගැන කල්පනා කර ඇති බවකි. රට තුළ “ත්‍රස්තවාදය ඇති කළ ගැටලු විසඳීමේ” අවශ්‍යතාවය පිළිබඳ සඳහනක් මේවාට ඇතුළත් බවද ලබන වසර තුළදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට හමුදා සංවත්සරයේදී ජනාධිපතිවරයා ද පොරොන්දු වු බවද ජාතික සාම මණ්ඩලය පෙන්වා දෙයි.…
Read Moreත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට බදු දීමක් නැහැ – ඇමති දිලුම්
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට ලබාදී තිබීම හා ඉන්දියානු විදේශ ලේකම්යරයා එහි නිරීක්ෂණයක නිරතවීම මගින් යළි තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමක් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිලිබඳ පැතිර යන කථා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ කියා සිටියේය. සංචාරයෙන් මෙරට සංවර් ධනයට ප්රතිලාභ රැසක් අත්වන බවත් ඒ යටතේ මෙරට දුම්රිය ධාවනය විධිමත් කිරීම සඳහා ඉන්දියානු දුම්රිය ධාවන විශේෂඥයන්ගේ උපදේශකත්වය හිමි වන බව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා සඳහන් කළේය. මගී ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමුවී ඇති දුම්රිය මගින් ඩීසල්, වැලි වැනි…
Read Moreරාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!
රාජපක්ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක 23 වැනිදා නිරතවූ ඇමැතිවරයා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවූ විට ඔවුන් ප්‍රශ්න කර සිටියේ “රාජපක්ෂ පවුලේ සමීපතමයන්“ යැයි පවසා පරිසර හානි පමුණුවමින්, නීති විරෝධී ලෙස වැලි හැරීමේ නිරත පුද්ගලයන් ගැනය. අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ හා පරිසර ඇමැති මහින්ද අමරවීර ගේ හිතවතෙක් ලෙස අඟවමින් හම්බන්තොට පදිංචිකරුවකු වන ජානක සමරසේකර නමැත්තෙක් මඩකලපුව ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් මහා පරිමාණයෙන් වැලි හාරන බවට චෝදනා එල්ල…
Read Moreවී මිලට පඹයෝ විරෝධතා දක්වයි!
ගොවියාගේ වී අස්වැන්න ට රුපියල් 60කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින් අද (08) කවුඩුල්ල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූ හ. වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග ගොවීන් ගේ මෙවර යල කන්නයේ වී අස්වනු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් රුපියල් 50 ක ආණ්ඩුවේ සහතික මිල ට වී අලෙවි කිරීමෙන් ගොවියාට කිසිම ප්‍රතිලාභයක් නොලැබෙන බවත් ඔවුහු කියති. කවුඩුල්ල,සංසුන්ගම යන ගම්මානවල ගොවීන් පිරිසක් අද (08) පෙරවරුවේ කවුඩුල්ල පාසල හන්දියේ සිට කෙත් ඇල දිගට පඹයන් සිටුවා විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කර…
Read Moreයුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට!
වත්තල, කෙරවලපිටිය ඉදිකොට ඇති යුගදනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය වේ. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරයේ ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට් 200 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරන පළමු අදියරේ ඉදිකිරීම් මාස 10 කදී නිම කෙරුණු අතර, බලාගාරයේ දෙවැනි අදියර 2010 පෙබරවාරියේදී සම්පූර්ණ කෙරිණි. බලාගාරයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් HSBC හරහා යූරෝ මිලියන 152 ක ණය මුදලක් ලැබී තිබු අතර අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින බලාගාරය සතුව, මෙගාවොට් 100 ක ධාරිතාවයක් ඇති GE Frame 9E…
Read More