සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම්වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

මේ සම්බන්ධයෙන් අද දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ප්‍රකාශ කළේව.

Social Sharing
නවතම පුවත්