පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා

“මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍යය.

පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම්ය.

පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇත. විපක්ෂය ද රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැර විය යුතුය. තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුය. රටේ සංවර්ධනය රඳා පවතින්නේ මෙම නව ප්‍රවේශය අනුගමනය කිරීම දිරිගන්වමින් නැවුම් දිශානතියක් සඳහා ගනු ලබන ඒකාබද්ධ උත්සාහය මතය. එනිසා පුද්ගලික වාද විවාදවලින් වැලකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. රටේ දිගු කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් තිබිය යුතුය.” යැයි පවසා සිටියේය.

Social Sharing
නවතම පුවත්