දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය 

මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා.මම හිතනවා මමවගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් තැන් ආරක්ෂාකරලා , අවට මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නත් වග බලාගන්න.

කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන සුන්දර ගම්මානයක මනරම් කුඩා වෙල් යායක්අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරුපවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇතිඅම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණුකුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව ජනප්‍රවාද වල සඳහන් වේ. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවනඅත්දැකීමකි

මෙම රණමුනේ පිහිල්ලෙන් ගැමුණු කුමාරයා ස්නානය කල බවද ජනප්‍රවාද වල සඳහන් වේ. ගම්වැසියන් පවසන අන්දමටකොපමණ නියං සමයකදී හෝ මෙම රණමුනේ පිහිල්ලේ වතුර නොසිඳේ..

මෙම වටිනා සම්පත රැක ගැනීම එම ගමේ ජනතාවගේ පමණක් නොව මුලු රටේම අයගේ යුතුකමක් . ඔබත් මෙම ස්ථානයටයනවා නම් එම ස්ථානයටත් එම ගම්වාසීන්ටත් හිරිහැරයක් නොවන සේ හැසීරෙන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි.

සටහන: ශශින් විජේතුංග

(මෙය සම්පූර්ණයෙන් උපුටාගත්තකි)

Social Sharing
අවකාශය නවතම