සූරියවැව වෙලඳසැල් කොල්ලයට අදාල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 13 වනදා සූරියවැව ප්‍රදේශයේ පිහිටි කෘෂි ද්‍රව්‍ය සහ උපකරණ වෙළෙඳසැලක තිබූ මුදල් හා කාන්තාවගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) රත්ගම පොලිස් ස්ථනයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම සැකකරුවන් තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සූරියවැව, සෙවනගල සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 30 සහ 42 යන වසයස්වල පසුවන පුද්ගලයින්ය.

සැකකරුවන් සතුව තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බඳින තුවක්කු 03ක්, රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා රන් මාලයක්, කොල්ලකන ලද බවට සැකකරුන මුදල් රුපියල් ලක්ෂ 03ක්, වෙඩි බෙහෙත් හා සේවා නූල් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Social Sharing
නවතම පුවත්