මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන විනිශ්චය සභාව විසින් පවත්වන නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. තමන් මෙම ඝාතනය පිළිබඳව විමර්ශනයේ යෙදුනු බවත් එතුළින් හමුවූ තොරතුරු අනුව මෙම ඝාතනයට හේතුව ලෙස මෙම වංචාව හෙළි කිරීම බව අනාවරණය වෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත. මෙම ඝාතනය සිදුකළ ඝාතකයන් භාවිත කළ ජංගම දුරකථන සහ ජංගම දුරකථන කුළුණු සටහන් මගින් ඔවුන් හඳුනා ගත් බව ප්‍රකාශ කර ඇති ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එම විමර්ශන අවසානයේ…
Read MoreTag: sri lanka police
දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
පොලිස් වධහිංසනය තවමත් අවසන් නැත..!
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත ව සිටින බව, මෙම සිද්ධිය ගම්පහ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිලි කළ ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ඇය ප්‍රකාශ කරන අන්දමට පසුගිය පෙබරවාරි 27 වන දින තම සැමියා නිවසේ සිටින…
Read Moreපස්වන නරකාදිය | Visakesa Chandrasekaram
මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී
‘පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට ආවේ. ඉතිං රිහර්සල් ඉවරවෙලා ගෙදරට ඇවිත් ටික වේලාවක් ඉන්නකොට කඩේ පැත්තෙන් ලොකු සද්දයක් ආවා. මම එළියට බැහැලා බැලුවා. කඩේ ළඟ තරුණයෝ පිරිසක් මගේ තත්තට ගහන්න හදනවා. සිගරැට් ඉල්ලලා නැහැයි කිව්වා කියලා. මේ කියන දවසේ අල්ලපු ගෙදර ලොකු මඟුල් ගෙයක් තිබුණා. මේ මඟුලට ආපු පිටගම්වල පිරිස් තමයි මෙහෙම හැසිරුණේ. මම එතනට ගිහිං මේ සිද්ධිය ගැන ඇහුවා…
Read Moreඅපි ගුටි නොකෑවොත් නින්ද යන්නැති ජාතියක්.
උත්තර නැතිවෙන නීති විරෝධී පොලිස් ඝාතන | Saliya Pieris
පොලීසියේ වරදින් ජීවිතයෙන් වන්දි ගෙවන සමන්ත
වන්නි මාධ්‍යවේදියාට පොලිස් තර්ජන.
මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හට මාන්කුලම් උසාවියේ රාජකාරියට යොදා සිටී පොලිස් නිලධාරින් තර්ජනය කරමින් ඔහුගේ මාධ්‍ය වාර්තාකරණයට බාධා පමුණුවා ඇත. මීට පෙරද මෙම මාධ්‍යවේදියා පොලිස් බාධාවන්ට සහ හිරිහැර කිරීම්වලට ලක්වී ඇති අතර පසුගිය 19 දා මාන්කුලම් උසාවියේ වාර්තාකරණයට ගිය ඔහු උසාවි නාමපුවරුව ඇතුලු අවට පරිශ්‍රය රූගත කරමින් සිට ඇත. එහිදී ඊට එරෙහිවූ මෙම පොලිස් නිලධාරින් ඔහුට තර්ජනය කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය හැඳුනුම් පත ඉදිරිපත් කළවිට, අධිකරණ නිලධාරීන්ගෙන් විමසීම සඳහා යැයි කියමින් මාධ්‍ය හැඳුනුම්පත ද රැගෙන ගිය පොලිස් නිලධාරින්, ජංගම දුරකථන මගින් ඔහුගේ ජායාරූප ගත් බව…
Read More