‘යුක්තිය’ නතර කරන්න උත්සාහ ගන්න අය ගැන හෙළි කරන්න සූදානම්!

කවුරුන් කවර මතයක් පල කලත් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

මේ වන විට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් ඇතැමුන් කටයුතු කරන බවත් මෙම තත්වය නතර නොවුනහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අප මෙම අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවධිය වන විට රටම ගිණි ගොඩක් බවට පත්ව තිබුනා. පොලිස් දෙපාර්තමේන්තුව බිංදුවට වැටී තිබුනා. එම නිසා අන් සියල්ලටම පෙර රට යථා තත්වයට පත් කිරීමේ අභියෝගය අප ඉදිරියේ පැවතුණා. ඒ අනුව පැය 48 ක කාල සීමාවක් ලබා දී පැවති විවිධ ගම් ඉවත් කර තත්වය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කලා. ඒ අවස්ථාවේ එලෙස කටයුතු නොකලා නම් අදත් ජනතාවට ඉන්ධන පෝලිම්වල , ගෑස් පෝලිම්වල රැඳී සිටින්නට සිදු වනවා.

එමෙන්ම පොලිසිය නගා සිටුවීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය දිරිමත් කිරීම අප ලබා දුන්නා. රට තුල මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනය වීමට අරගලයද එක් හේතුවක් බවට පත් වුණා.රටටම ව්‍යසනයක් බවට පත් වූ එම තත්වය මර්දනය කිරීමේ සැලසුම් අප සකස් කලේ මීට මාස 6කට පමණ පෙර සිටයි.යුක්තිය මෙහෙයුම ආරම්භ වූයේ එලෙස සිදුකල පුළුල් අධ්‍යයනයන් වලින් අනතුරුවයි. ඒ අනුව දකුණු පළාතෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.එහිදී අපගේ විශේෂ අවධාණය යොමු වූයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම මර්ධනය පිළිබඳවයි. ඊට පාතාලය ද සම්බන්ධයි. එවකට ඇතැම් කාලවල දිනපතා ඝාතන ඇතුළු අපරාද සිදුවීම් රැසක් වාර්තා වුණා.රටට බරක් වූ මෙම සියලු අපරාධ කරුවන් හඹා ගොස් නීතිය හමුවට පැමිණවීම අපේ අරමුණයි. ආයුධ සන්නද්ධ අපරාධකරුවන් සොයා පොලිසිය යන්නේද ආයුධ සන්නද්ධවයි. එම නිසා නීතියට අනුව අවශ්‍ය අවස්ථාවේදී ආයුධ භාවිතා කිරීමට පොලිසියට සිදු වනවා.

මෙලෙස කටයුතු කරගෙන යන අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇතැම් දේශීය කල්ලි වලින්ද අපට විවිධ අභියෝග, බාධක එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. කුහක, ඊර්ෂ්‍යවෙන් පෙලෙන, රටට විරුද්ධව කටයුතු කරන පිරිස් එලෙස කටයුතු කරනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.

මෙවැනි බාධා කිරීම් සිදු කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබාගන්නා, කුඩු නඩු වලට පෙනී සිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින්. පසුගිය සතිය තුල වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් මේ වැඩපිලිවෙල නතර කරගැනීමට එලෙස කටයුතු කරනවා. මේ වන විට අපට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් එම පිරිස් කටයුතු කරනවා.ඊට නිසි පිළිතුරු ලබා දිය යුත්තේ මේ රටේ ජනතාවයි. මෙම තත්වය නතර නොවුනහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළි කිරීමට අප පියවර ගන්නවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ප්‍රාදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Social Sharing
නවතම පුවත්