සැකකරුවකු ඝාතනය කලාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම!

peliyagoda police station murder

2005 වසරේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

වසර 18කට අධික කාලයක් පැවැති නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා  ඊයේ (04) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2005 වසරේ ජූලි මාසයේදී පොලිස් ඇඟිලි සලකුණු අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියකුගේ නිවසේ සේවය කළ පුද්ගලයකු අදාළ නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරකම් කළ බවට සැකපිට පෑලියගොඩ පොලිස් ස්ථානයට භාරදී තිබිණි.

ඒ අනුව 52 හැවිරිදි සැකකරු නීතිවිරෝධී ලෙස රඳවාගෙන අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු වරදකරු කරනු ලැබුවා.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කෙරුණා. මියගිය අයගේ දියණියට ලක්ෂ 10 බැගින්.

මේ අතර මෙම නඩුවේ දෙවන සහ තුන්වන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ද කොළඹ මහාධිකරණය නියෝග කළා..

Social Sharing
අවකාශය නවතම