මටත් මෙහෙම වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?

sri-lanka-police-corruption

පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (මාර්තු 01 වැනිදා) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (මාර්තු 01 වැනිදා) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් කොල්ලුපිටිය පොලිසියට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සඳහන් කර සිටියේය.

මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි.

එහිදී විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මෙසේ පැවසීය.

” දවසක් මම ඇවිදින්න ගියා. ඒ අවස්ථාවේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු මාව නැවැත්තුවා. කවුද කියලා ඇහුවා. මම හැදුනුම්පත පෙන්වා සිටියා. ඒ අවස්ථාවේදී හැඳුනුම්පත බලා ඒ නිලධාරියා මට කිව්වා ඉන්න කියලා. පස්සේ මම ඒ ස්ථානයේ ඉඳලා පොලිස්පතිවරයාට කතා කළා. පසුව පොලිස්පතිවරයා ඒ නිලධාරියාට ඇමතුමක් දුන්නා. පසුව ඒ නිලධාරියා පොලිස්පතිවරයාගෙන් ඇහුවා ඔබ කවුද? කියලා. පොලිස්පතිවරයාගෙන් පවා ඔබ කවුද කියලා අහන නිලධාරීන් ඉන්න ආයතනයක් මේක. පසුව මට යන්න කිව්වා. එහෙත් මම ගියේ නෑ. පසුව ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා පැමිණ මට කතා කරලා සිද්ධිය ගැන කණගාටුව පළ කළා. අභියාචනාධිකරණ විනිශ්චකාරවරයෙක් වන මටත් මෙහෙම සිද්ධියකට මුහුණ දෙන්න වුනානම් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාවක්ද?”

පොලිසියට පාතාලය මෙන් හැසිරීමට නොහැකි බවත් පොලිසිය අද පත්වී තිබෙන තත්ත්වය ගැන තරහක් නොව කණගාටුවට පත්වන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සුමති ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ තම ආයතනයේ විගණන පරීක්‍ෂණයක් පැවති අතර එහිදී පුද්ගලයෙකු රඳවාගෙන සිටින බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කරමින් වග උත්තරකාර කොල්ලූපිටිය පොලිසිය නිලධාරීන් ආයුධ සන්නද්ධව එම ස්ථානයට කඩා වැදුණු බවට ය.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් කළහකාරී ආකාරයෙන් හැසිරීම නිසා ආයතනික කටයුතුවලට බාධා සිදුවූ බවත් එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගම අධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගමේ අදාල විගණන පරීක්ෂණයට සම්බන්ධ වූ නීතිඥවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර කොල්ලූපිටිය පොලිසිය වෙනුවෙන් නිලධාරියෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම පෙත්සම සමථයකට පත්කර ගැනීමට සූදානම් බව ය.

ඒ අනුව අධිකරණයේ හමුවේ පෙනී සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නියෝජිතයින්ගෙන් විවෘත අධිකරණයේ වැඳ සමාව ගත් අතර ඉන් පසුව නඩු විභාගය අවසන් කිරීමටද අධිකරණය තීන්දු කළේය.

www.bbc.com

Social Sharing
අවකාශය නවතම