ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, අද (22) හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් එහිදී සියළු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී. එසේම රටේ තරුණ පරපුර ආරම්භ කර ඇති ජන අරගලය ජයග්‍රහණයතෙක් කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව ඒකාබද්ධව කටයුතු කර බවටත් මෙහිදී වෘත්තීය සමිති නායකත්වය සඵත.කර සිටින ලදී. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, පාවෙන චන්ද දායකයින් ලෙස සමාජ මාධ්‍යයේ උපක්රමිකව…
Read MoreTag: ravi kumudesh
ඇන්ටිජන් කට්ටල හිඟය නිසා සමස්ත රෝගී ප්‍රජාවම අනතුරේ
රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇති බව සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු පවසයි. රෝහල් සදහා ඇනවුම් කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. කොවිඩ් කාර්යසාධන බලකායක් පිහිටුවා සෞඛ්‍ය යාන්ත්‍රණය හැසිරවීම හේතුවෙන්, වෘත්තීවේදීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමුහික තීර්ණ ගැනීමේ යාන්ත්‍රණය…
Read Moreඖෂධ හිඟයක් ගැන සෞඛ්‍ය ක්ෂේත්රයෙන් රතු එළියක්!
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඖෂධ හිඟයකට මුහුණ පෑමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවා තිබේ. 2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…
Read Moreඋතුරේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සටන සාර්ථකයි!
පාලනයකින් තොරව ඉහල යන ඖෂධ මිල පහත හෙළන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුලික කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඊයේ (30) උදෑසන හතට උතුරු පළාතේ ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අද (31) උදේ හතට අවසන් වීමට නියමිතව තිබේ. මෙම වර්ජනය උතුරු පළාතේ සියළු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාත්මක වූ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයට සහභාගී විය. එම වර්ජනයට සමගාමීව යාපනය නගරය පුරා දැවැන්ත විරෝධතා පා ගමනකින් ගොස්, යාපනය බස් නැවතුම්පළ තුලදී විරෝධතා රැලියක් ද පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කටයුතු…
Read More2022 දී නිල සංචිත ඇ.ඩො. බිලියන 03 ට නඟීවි – ශ්‍රී ලංකා මහ බැංකුව
මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා එලබෙන අවුරුද්ද අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 03 කට වඩා ඉහළට යනු ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. ද්විපාර්ශවික මූල්‍ය පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් සහ වෙනත් සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක රජය යෙදී ඇති බව කියාසිටින…
Read Moreසෞඛ්‍ය අංශ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට
වෘත්තීය උපාධිධාරීන්ගේ සේවාව තවදුරටත් ඩිප්ලෝමා වැටුප් තලයක පවත්වා ගැනීමට විරෝධය පෑම ඇතුළු මුලික ඉල්ලීම් හතක් සදහා විසදුම් ඉල්ලමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සුව සේවයේ වෘත්තිකයන් රැසක් තිරණය කර තිබේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් ඇතුළු හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසන්නේ. “සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍ය වරයා හෝ ඊට ඉහල රජයේ බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සදහා විසදුම් ලබා නොදීම හේතුවෙන් හෙට (08/12/2021) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට තීරණයකර තිබේ.” සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ…
Read Moreසුව සේවයේ දෙදින වැඩ වර්ජනය ඇරඹේ!
වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ නොවැම්බර් මස 24 සහ 25 දෙනින වර්ජන ක්‍රියා මාර්ගය දියත් කරන අතර කඩිනමින් විසදුම් නොදුනහොත් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක විය හැකි බවයි. “මේක සංකේත ක්‍රියාමාර්ගයක් විතරයි. පැය 48කින් ඉවර කරනවා. එහෙම කරන්නේ ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරවන්න. නමුත් එහෙමත් නැගිටින්නේ නැත්නම්, අපි ඊළග පියවරට යනවා. ඒක බොහෝවිට ඉල්ලීම් ලබා දෙනතුරු…
Read Moreචීන එන්නත ගත් අයට විදේශගත වීමේදී ගැටලු- රවී කුමුදේශ්
සයිනොෆාම් කොවිඩ් 19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබු පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. එම පර්යේෂණ කණ්ඩායම කියා තිබුණේ සයිනොෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලද බවත්ය. එසේම එම ප්‍රතිශතය ස්වාභාවික COVID-19 ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම බව ද ඔවුහු ප්‍රකාශ කර තිබුණි.…
Read Moreසෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්
පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ. වර්ජන ඇතිවෙන්නේ ඒ නිසා යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් මෙම පිරිස වර්ජනයකට තල්ලු කල බවය. අසාධාරණ සිදු වුණේ එකට බවත් එය නිවැරදි කරන ලෙස ඉල්ලීම් කෙළේ අරගල කලේ එකට බවත් නමුත් අගමැතිතුමා සාකච්චා දෙන්නේ දේශපාලන හිතවත් කමට එක සංගමයකට පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.…
Read More