එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා නිසා රටේ ජනතාව වික්ෂිප්ත වෙලා! – මාධ්‍යවේදී නාලක ගුණර්ධන

අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි.

ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද කියන සැකය මතු වෙන බවද ඔහු කියා සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (20) දින සූම් තාක්ෂණය ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කරන ලද වසංගතයෙන් වසන් වෙන තොරතුරු සංවාදශීලි කථිකාවතට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා මෙසේද පැවසුවේය.

මේ ඇත්තේ ආපදා අවස්ථාවක්. සුනාමියෙන් පසු අප මුහුණ දුන් විශාලම ආපදාව මේක. අපි සුනාමියේදී ඉගෙන ගත් පාඩම තමා නිවැරදි, නිරවුල් තොරතුරු සමාජයට ලබා දිය යුතුයි කියන එක.

වසංගතයක් කියන්නේ දිගින් දිගටම ගලා යාමක්. එහි කෙළවරක් දකින්නට නැහැ. මෙහිදී තොරතුරු වාර්තාකරණයේදී අපි ප්‍රධාන කරුණු තුනක් ගැන අවධානය යොමු කළ යුතු බව මා සිතනවා. ඒ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු, පරිපාලනමය තොරතුරු හා මුල්‍ය තොරතුරු වශයෙන්.

මේ තොරතුරු ගලනය නිසි ලෙස වන්නට නම් තොතරතුරු නිසි ලෙස එක් විය යුතුයි. නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. දත්ත වල නිවැරදිතාවයක් තිබිය යුතුයි.

අද මේ වසංගතයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි මතයක සිටින බව පෙනෙන්නට තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවි වල මේ තොරතුරු බෙදා ගැනීමක් දකින්නට නැහැ. මෙය සිදුවන්නේ නොසැලකිල්ල නිසාද? නැතිනම් හිතාමතාමද? කියා අපට විවාද කළ හැකියි.

මේ තොරතුරු එක් රැස් කිරීමත් ලේසි වැඩක් නොවේ. අප නොදන්නා බොහෝ දේවල් මේ වසංගතයේ තියෙනවා. අවිනිශ්චිත ත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා.

අද සමාජයේ තියෙන ගැටලුවක් තමා රජය ඉදිරිපත් කරන මේ සංඛ්‍යාලේඛන , මරණ සංඛ්‍යාව විශ්වාස කළ හැකිද? කියන එක. මිනිස්සු මේවා පිළිගන්නේ නැති නම් එතැන තියෙන්නේ ලොකු ගැටලුවක්.

පහුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය හේමන්ත පැවසුයේ මේ වසංගතය තවම සමාජගත වෙලා නෑ කියලා. නමුත් මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කියන්නේ එකේ අනික් පැත්ත. මේ වසංගතය සමාජගත වෙලා කියන එක දැන්වත් පිලිගන්න කියලා.

සෞඛ්‍ය අංශයේම දෙපාර්ශවයේ එකඟතාවයක් නැතිනම් ජනතාව මේවා විශ්වාස කරන්නේ කොහොමද? දත්ත වසන් නොකළත් මේ ආකාරයෙන් එකම අමාත්‍යාංශයක අය පරස්පර කථා කියද්දී රටේ ජනතාව වික්ෂිප්ත වෙනවා.

එසේම මේ අවස්ථාවේ දුස් තොරතුරු වංසගතයක් තියෙනවා. මෙහි ඇතැම් අවස්ථා වල තියෙන්නේ මුදල් උපයා ගැනීමක් විතරයි.

මේ කථිකාවතට මනෝ වෛද්‍ය හසංගි සෝමදාස, වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් , මාධ්‍යවේදීනි  යොෂිතා පෙරේරා, සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් ද එක් වූ අතර මෙහෙය වීම නීතිඥ දුලාන් දසනායක විසින් සිදු කරන ලදි.

Zoom ඔස්සේ පැවැත්වූ සංවාදය පහතින්..

https://www.facebook.com/aithiya.lk/videos/1020479495366574

-ශානි-

Social Sharing
නවතම