සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වෙලා – රවී කුමුදේශ්

පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ. වර්ජන ඇතිවෙන්නේ ඒ නිසා යැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති  රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා විසින් මෙම පිරිස  වර්ජනයකට තල්ලු කල බවය.  අසාධාරණ  සිදු වුණේ එකට බවත් එය නිවැරදි කරන ලෙස ඉල්ලීම් කෙළේ අරගල කලේ එකට බවත් නමුත් අගමැතිතුමා සාකච්චා දෙන්නේ දේශපාලන හිතවත් කමට එක සංගමයකට පමණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාද  ඒ වැරද්ද නිවැරදි කරනවා වෙනුවට ඒ වැරැද්දට තටු දෙන බවත්  ඒ නිසාම අර්බුදය පිළිබඳ නිවැරදි, සමබර අදහසක් හෝ තොරතුරු ඔවුන්ට ලැබෙන්නේ නැතැයිද අවධාරණ්‍ය කරන රවී කුමුදේශ් මහතා චෝදනා කරන්නේ  මේ සාකච්ඡාවලට සහභාගීවන සෞඛ්‍ය ලේකම් වරයාට වෛද්‍ය නිලධාරීන් හැර වෙනත් කිසිවෙකු පිළිබඳ අවබෝධයක් නැති බවටය.

ඔහුගේ කිසිදු සාකච්ඡාවක වෛද්‍ය නිලධාරීන්ට හැර වෙන වෘත්තිකයෙකුට විසඳුම් ලැබෙන්නේ නැතැයිද ජනාධිපතිවරයාගේ සාකච්ඡා  වලට ඔහුව කැදවන්නේ ඉල්ලීම් වල සැබෑ පසුබිම දැන ගැනීමට නමුත්  ඔහු සාකච්ඡා වල ඉඳ ඇත්තේ  ගල් බිල්ලෙක්  නිසාවෙන් නිවැරදි විසඳුම පවා වැරදි විදිහට ක්‍රියාත්මක කිරීම නිසා හෙදියන් ඇතුලට ගේන්න ජනාධිපති වරයා ගත්තු තීරණය තවත් වෘත්තීන් පහළොවක් එළියට දාන්න හේතුවෙලා වී ඇතියද කියා සිටියි.

මේ වර්ජනය සදහා තම පිරිස  එළියට බහිනවා නෙවේ, එළියට තල්ලු.කර ඇති බවත්  ඒ නිසාම මහජනතාවගේ සහ රටේ වසංගත පාලනයට  වෙන අනතුර වැරදියට තීරණ ගන්න, වැරදියට සාකච්ඡා  කැඳවන, සාකච්ඡා වගකීම් රහිතව ඉදගෙන ඉන්න පාර්ශවයන් භාර ගත යුතු බවද රවී තුමුදේශ් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (05) දින සිට ක්‍රියාත්මක පරිපූරක වෛද්‍ය සේවාවේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරිමේ හේතු ලෙස සඳහන් කරමිනි.

-ශානි-

Social Sharing
නවතම