ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ…

ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව කිසිසේත්ම සමාගමකට තනියම කරන්න බෑ.. අත් අඩංගුවට ගත්ත සමාගමේ හිමිකරු උසාවියට කියන්න හදන ඒ පණිවිඩය තේරුම් ගන්න එක අතිශයින්ම වැදගත්…

“තමන්ගේ සේවා දායකයා සැපයුම්කරුවෙක් විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ලියන්න්නේ, තීරණ ගන්නේ ඔහු නෙවෙයි. ඒ නිසා මේ සියළු තීරණ වලට ඔහුට තනිව වග කියන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ, ලේකම්වරයාගේ උපදෙස් නැතුව මේ කිසිවක් කරන්න බෑ” අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කල සමාගම් හිමිකරුගේ නිතිවේදීයා කියයි.

සමාගම් අයිතිකරු මොන ප්‍රමාණයේ සොරෙකු වුවත්, ඔහුගේ එම ප්‍රකාශණයේ සත්‍යතාවය මඟ හැරිය නොහැකිය. සෞඛ්‍ය සේවාවේ බොහෝ දූෂණ, වංචා සහ අක්‍රමික ගණු දෙණු සිදු වන්නේ පවතින තාක්ෂණික ක්‍රමවේදය භාවිත කරමින්‍ ය. එම ක්‍රමවේදයේ පවතින එකී යථා ස්වරූපය සමාන්‍ය අපරාධ පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීමට නොහැකිය. ඒ අනූව සෞඛ්‍ය සේවය නිවැරදි කිරීම සඳහා ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව හොර කමකටත් එහා ගිය පර්යේෂණයකි. එම පර්යේෂණාත්මක දත්ත හෙලිදරව් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇති වගකීම නිසියාකාරව ඉටු විය යුතුය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
0773077717

Social Sharing
නවතම පුවත්