ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව.

ජන අරගලය දිනවන වෘත්තීය සමිති සමුළුව, අද (22) හවස 2.30, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අප්‍රේල් මස 28 වෙනි දින සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ධව දීප ව්‍යාපත් වර්ජනයක් සිදු කිරීමටත්, අප්‍රේල් මස 6 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමටත් එහිදී සියළු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරන ලදී. එසේම රටේ තරුණ පරපුර ආරම්භ කර ඇති ජන අරගලය ජයග්‍රහණයතෙක් කොන්දේසි විරහිතව පක්ෂ භේදයකින් තොරව ඒකාබද්ධව කටයුතු කර බවටත් මෙහිදී වෘත්තීය සමිති නායකත්වය සඵත.කර සිටින ලදී.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, පාවෙන චන්ද දායකයින් ලෙස සමාජ මාධ්‍යයේ උපක්‍රමිකව පුම්බන පුහු චරිත පිළිබදව විශ්වාස කරමින් චන්දය භාවිත කල, රටේ තරුණ පරම්පරාව දේශපළණය කියවීමට පටන් ගැනීම අර්බුදය තුල මතුවී ඇති සුභදායක සලකුණක් බවය.

ජනාධිපතිවරයා ගෙදර යනවා සේම, රාජපක්ෂවරු ගෙදර යනවාසේම, රටේ තරුණයක්ගේ අරගලය ජග්‍රහණය කරවීම මග හරිමින් සිටින විපක්ෂය ඇතුළු පාර්ලිමේතු මන්ත්‍රී වරුන් පිළිබදවද අමතක නොකරන බව එහිදී අවධාරණය විය.

මෙම සමුළුව සදහා සෞඛ්‍ය, දුම් රිය, ගුරු, තැපැල්, බැංකු, ප්‍රවාහන, වතු, ඇගළුම්, ඇතුළු සියළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහභාගී විය.

එම සමුළුව විසින් ජන අරගලය දිනවීමට අදාල විශේෂ යෝජනාවලියක්ද සම්මත කරන ලදි.

Social Sharing
නවතම