ශ්‍රී ලංකන්, ලංගම පුද්ගලීකරණයට?

Privatization of SriLankan Airlines and SLTB

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, වැනි විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයැයි නැවතත් යෝජනාවක් පැමිණ ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇති බව දැනගන්නට ලැබෙන අතර රාජ්‍ය ආයතන 527න් 5ක් වන මෙම ආයතන අන්ත පාඩු ලබන අතර මේවා නඩත්තු කරනු ලබන්නේ මහාබාණ්ඩාගාරයෙන් ය. මෙම තත්ත්වය අයවැය හිඟයට ප්‍රධාන හේතුව බවද දැනගන්නට ඇත. මේ තත්ත්වය තුළ මෙම ආයතන සදහා රජයෙන් දෙන ආධාර වහාම…

Read More

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

Informal public transport in Sri Lanka

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන බව රජය ප්‍රකාශ කර සිටියහ. නමුත් අද (01) උදෑසන සිටම වේයන්ගොඩ සිට මරදාන දක්වා දුම්රිය සංඥා වල දෝෂයක් පැවතීම නිසා ඉහළ දුම්රිය මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම දුම්රියන් පැය ගණනින් ප්‍රමාද වන්නට විය. මේ නිසා රැකියා වලට ගමන් ගත් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත් විය. අද කාර්යාල දුම්රියේ ගමන් කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටි හෙයින්…

Read More

පෞද්ගලික මගී බස් ධාවනයට මොකද වෙන්නේ?

The private bus service is in crisis

කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන විට රැකියාවට යන, අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ඇත. ඒ පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වීමේ ගැටලුවය. දුම්රිය නම් මේ වන විට දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් උදෑසන මෙන්ම සවස ධාවනය වේ. ලංගම බස් රථ ද සීමීත ගමන් වාර ප්‍රමාණයක් ධාවනය වූවද පෞද්ගලික මගී බස් රථ නම් ධාවනය කරන ආකාරය ගැන…

Read More

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?

Railway public transport service covid situation cgr

කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන් මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනයටවත් බස් නැත. ඔවුන් ගමන් කළ යුත්තේද පොදු ප්‍රවාහන සේවාවේය. ගියවර මෙන් මෙවර දුම්රියේ ගමනද ආරක්ෂිත නැත. ගියවර නම් අංක යොදා ආසන ගණනට මගීන් ගෙන ගියහ..නමුත් මෙවර ඒවා නැත. දුම්රියේ මඟීන් දැන් ගමන් කරනුයේ මීටර් දෙකක් තියා මීටරයකවත් පරතරයක් නොමැතිවය. සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්…

Read More

මඟී බස් කර්මාන්තය පිරිහී නොයාමට නම් …

පොදු ප්‍රවාහනය වර්තමානය වන විට අවිධිමත් ත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලෙන් මගී බස් රථ කර්මාන්තය බිඳ වැටුණි. ඒ අතර පෞද්ගලීක මගී බස් කර්මාන්තය සුවිශේෂිය. මෙහිදි කල්බදු ක්‍රමයට බස් රථ මිලදී ත් අය, බැංකු වලින් මුදල් ගත් අය  ආදායම අහිමි වීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් විය. එමෙන්ම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ද පත් වුයේ දැඩි ආර්ථික අර්බුදයකටය. තවමත් රට පුරා විධිමත් ආකාරයෙන් බස් රථ ධාවනය වන්නේ නැත. නමුත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් බස් රථ ගාස්තු ඉහළ දමා ගනු ලැබුයේ විධිමත් බස් රථ සේවාවක් ලබා දෙන…

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ ආණ්ඩුවයි – දුම්රිය වෘත්තිය සමිතියකින් හෙළිදරව්වක්!

The government is destroying the railway department railway trade unions alliance

මහවදී ප්‍රීමා පිටි රැගත් දුම්රියක් රියදුරෙකු නොමැතිව නවතා තිබු පුවතක් පහුගියදා පුවත්පත් වල පළ කර තිබුණි. එහිදී කියවුනේ මෙම පිටි රැගත් දුම්රිය ගෙන යාමට සිටි දුම්රිය රියදුරු නිලාවේලිහී පැවති සාදයකට ගොස් නැවත ඒමට පමා වු බවය. නමුත් පසු දිනම දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පුවත නිවැරදි කරමින් පවසා තිබුණේ මේ නිසා කිසිදු දුම්රියක් ප්‍රමාද නොවු බවය. මේ අතර පහුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි වූ තවත් කරුණක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන වී ඇත්තේ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය නොවීම නිසා බවය. නමුත් මෙහිදී සිහිපත් කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. මීට පෙර දුම්රියෙන් විශාල වශයෙන්…

Read More

භාණ්ඩ ප්‍රවාහනය කැලේට ගිහින්, දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබයි.

sri lanka railway department Committee on Public Accounts

මේවන විට භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් ඈත්වී ඇති බවත් ‍එය දෙපාර්තමේන්තුව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් ලෙසට පහුගියදා පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (Committee on Public Accounts – COPA) අනාවරණය විය. දුම්රිය සේවය ආරම්භ වූ 1867 වසරේ සිට 1934 වසර දක්වා දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් භාණ්ඩ ප්‍රවාහන ආදායම 57% බවත් එය 2017 වසරේදී 9.3% දක්වාද 2018 වසරේදී 8.5% දක්වාද 2019 වසරේදී 7.1% දක්වාද අඩුවී ඇත. දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසය ශ්‍රී ලංකා දුම්රිය සේවය යනු ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවකි. එය ප්‍රධාන ප්‍රවාහන පහසුකම් සපයන්නෙකු වන අතර රටේ පවතින…

Read More