ශ්‍රී ලංකන්, ලංගම පුද්ගලීකරණයට?

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, වැනි විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයැයි නැවතත් යෝජනාවක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය විසින් රජයට මෙම යෝජනාව කර ඇති බව දැනගන්නට ලැබෙන අතර රාජ්‍ය ආයතන 527න් 5ක් වන මෙම ආයතන අන්ත පාඩු ලබන අතර මේවා නඩත්තු කරනු ලබන්නේ මහාබාණ්ඩාගාරයෙන් ය. මෙම තත්ත්වය අයවැය හිඟයට ප්‍රධාන හේතුව බවද දැනගන්නට ඇත. මේ තත්ත්වය තුළ මෙම ආයතන සදහා රජයෙන් දෙන ආධාර වහාම අත්හිටුවිය යුතු බව එම මණ්ඩලය රජයට යෝජනාකර ඇත.

රාජ්‍ය ආයතන 527න් 77ක්ම අන්ත පාඩු ලබන අතර් ඒවා නඩත්තු කරන්නේ මහජන මුදලින් ය. එම ආයතන පසුගිය අවුරුදු 15තුළ ලබා ඇති පාඩුව රුපියල් ට්‍රිලියන 1.2කි.

Social Sharing
නවතම