රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය.
ඒ අනුව අද සිට දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන බව රජය ප්‍රකාශ කර සිටියහ.
නමුත් අද (01) උදෑසන සිටම වේයන්ගොඩ සිට මරදාන දක්වා දුම්රිය සංඥා වල දෝෂයක් පැවතීම නිසා ඉහළ දුම්රිය මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම දුම්රියන් පැය ගණනින් ප්‍රමාද වන්නට විය. මේ නිසා රැකියා වලට ගමන් ගත් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත් විය.
අද කාර්යාල දුම්රියේ ගමන් කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටි හෙයින් සංඥා දෝෂය නිසා මීටරක දුරක්වත් නොමැතිව පැය ගණනක් දුම්රියේ එකිනෙකා සමීපව රැඳී සිටීමට සිදුවීම මඟීන්ගේ සෞඛ්‍ය අවදානමකට ලක් කිරිමක් විය.
කොළඹට පැමිණෙන මගී බස් රථ ද පෑලියගොඩ – නුවර පාරේ පිවිසුමේදි දැඩි වාහන තදබදයකට ලක් වීම නිසා එහි සිටි මඟීන්ද දැඩි ලෙස පීඩාවට පත් විය.
මෙවැනි සුලු කරුණු නිසා යළිත් දුම්රිය , බස් කොරෝනා පොකුරු මතු වීම වැලැක්විය නොහැකිය.