ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් පළමු වටයේදී මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.…
Read MoreTag: nurses trade union in sri lanka
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය. නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම…
Read Moreකොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක් තිබුණේ නැත. තවමත් එසේමය. කොවිඩ් පළමු රැල්ලේ සිටම මොවුන්ගෙන් ලැබුණු සේවය අප්‍රමාණය. කැපවීම් අපමණය. මේ නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් පළමු රැල්ල අවසානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට විශේෂ පැකේජයක් ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ් සුපිරි හෝටලයක පවුලේ අය සමඟ දින කිහිපයක් නවාතැන් ගෙන විවේක ගැනීමටය. එම වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේ යළිඳු…
Read Moreඅමාත්‍යාංශයේ පුරෝවගෙන ඉන්න වෛද්‍යවරු ඉදිරි පැය 72 ඇතුලත වහාම රෝහල් වලට යවන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් රතු එළියක්!
වෘත්තිය සමිති ආඥා පනතට පටහැනිව ආඥා පනත වෙනස් කරමින් වෘත්තිය සමිති කටයුතු කරන්නට අද රජයේ වෛද්‍ය නිලධාරීන් පත් කර ගෙන සිටින බවත් එලෙස ක්‍රියා කරන නිලධාරීන් වහාම ඉදිරි පැය 72 ඇතුලත රෝහල් වලට අනියුක්ත කරන ලෙස පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි. අද රෝහල් වල වැඩ කිරීමට වෛද්‍යවරු නොමැති බවත් නමුත් අමාත්‍යාංශයේ වෛද්‍යවරු පුරවාගෙන සිටින බවත් පරිපාලනය කරන වෛද්‍යවරු පමණක් අමාත්‍යාංශයේ රඳවාගෙන අනෙකුත් වෛද්‍යවරු වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ කියා සිටියි. එයට ඇහුම්කන් දීමට නොහැකි නම් මේ සෑම වෘත්තිය සමිතියකම නියෝජිතයෙක් අමාත්‍යාංශයට පත් කර…
Read More“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය
අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. කොවිඩ් පළමු රැල්ලේදී පාලනය කරන්න රජය කටයුතු කළ බවත් රෝගය එනවිටම යම් යම් වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කළ අතර ඒවා 100% ක් සාර්ථක නොවූ බවද ඔහු පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම තම සංගම්ද පෙන්වා දුන්නේ මත්තල, කටුනායක වැනි ස්ථාන වසා මිනිසුන් රටට එන එක හා…
Read More“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය
රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ
කොරෝනා පළවෙනි රැල්ල මර්දනය කළා කියලා හරිම උද්යෝගයෙන් අපි සැමරුවා, රට හැම තැනම පෝස්ටර් ඇලෙව්වා ඒ වගේම ඡන්දෙකුත් කලා. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ල තියෙනවා. ඒක දැන් සුනාමියක් වගේ අපිව පෙරලගෙනම යන තත්ත්වයක් තියෙන්නේ. ඒ අතරේ අපිට පේනවා ආණ්ඩුව සහ රජය අතර විශාල කඹ ඇදිල්ලක් තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආණ්ඩුවේ ලොක්කෝ අතර විශාල කඹ ඇදිල්ලක් තියෙනවා. හෙද සංගමය විදිහට ඔබගේ සංගමය කොහොමද මේක විග්රහ කරන්නේ? මම හිතන්නේ අපි මුලින්ම පළවෙනි කොවිඩ් රැල්ල එනකොට ලෝකෙත් එක්ක ම මේ සමාජයේ සියලුම ශ්‍රී ලාංකිකයින් මේක ගැන දැනුවත් වුණා මේක ඉතාම භයානක තත්ත්වයක්…
Read Moreසවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්
සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි අද කෙනෙකුගේ ප්‍රශ්නයක් කියන්නට, දුකක් කියන්නට නිසි බලධාරියෙකු නැති බවද උන් වහස්සේ පෙන්වා දෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ නොයෙක් සෞඛ්‍ය ඇමතිවරු සිටි අතර ඒ කාලයේ පෙති ඇමති, කරල් ඇමති, ගුලි ඇමති වශයෙන් ඔවුන් හැඳින්වූ බවද අද සිදුවන්නේත් එයම බව කියන උන් වහන්සේ ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ සෞඛ්‍ය යනු ඒකාබද්ධව සිටි පවුලක් බවද, පවුලේ ප්‍රධානියෙක් සිටි…
Read Moreචක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!
රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු කිරීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී සිටින බව හෙද හෙදියන් පිරිසක් අනාවරණය කළහ. කොරෝනා තත්වය ඇතිවීම නිසා පසුගිය අප්‍රේල් මස 18 දින ජනාධිපති ලේකම් කාර්යාලය හා සැප්තැම්බර් මස 23 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කල ලිපිය කිසිදු සැලකිල්ලකට නොගන්නා විශේෂ හෙද නිලධාරිනියක ඉතා අත්තනෝමතිකව ක්‍රියා කරනා බව හෙද නිලධාරීන් අනාවරණය කළහ. කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපති…
Read More