“ආණ්ඩුවේ මිත්‍යා පැතිරිල්ල නිසා ජනතාවට විද්‍යාව පිළිබඳ විශ්වාසය නැතිවෙලා” – සමන් රත්නප්‍රිය

අද මිනිස්සු PCR පරීක්ෂණ කරන්න අකමැති වන්නේ යම් හෙයකින් පොසිටිව් වුවහොත් මුහුණ දීමට සිදු වන වධහිංසාවන් විඳීමට අකමැති නිසා බවත්, එමෙන්ම ආණ්ඩුවේ පවතින මිත්‍යා විශ්වාස නිසා ජනතාවට විධයාත්මක පැත්ත ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම අහිමි වී යන බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කොවිඩ් පළමු රැල්ලේදී පාලනය කරන්න රජය කටයුතු කළ බවත් රෝගය එනවිටම යම් යම් වැඩ පිලිවෙලවල් ක්‍රියාත්මක කළ අතර ඒවා 100% ක් සාර්ථක නොවූ බවද ඔහු පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම තම සංගම්ද පෙන්වා දුන්නේ මත්තල, කටුනායක වැනි ස්ථාන වසා මිනිසුන් රටට එන එක හා රටින් පිටව යන එක නවත්වන ලෙස කියා සිටි අතර නමුත් එය සිදු වුයේ ප්‍රමාද වී බවත් ඒ වන විටත් චීනයේ වැනි මිනිසුන් මෙරටට පැමිණ තිබු බවද ඔහු කියයි. එමෙන්ම සමහර අය එනවිට PCR සිදු කළ බවත් තවත් සමහර අය එනවිට PCR නොකළ බවත් ඔහු පෙන්වා දෙයි.

සමාජ දුරස්ථභාවය තබාගෙන වැඩ කරන්න කියා ජනතාවට කිව්වද මෙරට අගමැතිවරු ගොස් මිනිස්සු සිපගත් බවත් ජීවන් තොණ්ඩමන්ගේ තාත්තා මැරුණු විට පෙළපාලි වගේ දහස් ගණන් ගිය නමුත්  එවැනි අඩුපාඩුකම් රාශියක් මැද පළමු රැල්ල පාලනය කිරීමට හැකි වූ බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහන්සි වී වැඩ කළ අතර මිනිස්සුත් භය වූ බව සමන් රත්නප්‍රිය මහතා කියා සිටියි.

පළමු රැල්ල අවසන් වී දෙවැනි රැල්ල ආරම්භ වන විට ලෝකය මොන උපදෙස්  ලබා දුන්නත් ලංකාවේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් නොතිබු නිසා මිනිසුන් මෙය සැහැල්ලුවට ගත් බවත් ඉන්පසු එකවරම බ්‍රැන්ඩික්ස් පොකුර පැමිණි අතර පසුව පෑලියගොඩ මාලු පොකුර ආදි පොකුරු බිහි වූ බවත් නුදුරු දිනකදීම රෝහල් පොකුරත් බිහි වෙන බවද ඔහු පවසයි. මන්ද යත් අද රෝහල් වලින් එකවර 20-30 රෝගීන් මතු වෙමින් තිබෙනා බව ඔහු පෙන්වා දෙයි.

මිනිස්සු PCR කර ගන්නවාට වඩා අද සිතන්නේ පැණි ටිකක් බී නිවසට වී සිටින්න බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම