කොරෝනා පළවෙනි රැල්ල මර්දනය කළා කියලා හරිම උද්යෝගයෙන් අපි සැමරුවා, රට හැම තැනම පෝස්ටර් ඇලෙව්වා ඒ වගේම ඡන්දෙකුත් කලා. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ල තියෙනවා. ඒක දැන් සුනාමියක් වගේ අපිව පෙරලගෙනම යන තත්ත්වයක් තියෙන්නේ. ඒ අතරේ අපිට පේනවා ආණ්ඩුව සහ රජය අතර විශාල කඹ ඇදිල්ලක් තියෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආණ්ඩුවේ ලොක්කෝ අතර විශාල කඹ ඇදිල්ලක් තියෙනවා. හෙද සංගමය විදිහට ඔබගේ සංගමය කොහොමද මේක විග්රහ කරන්නේ?
මම හිතන්නේ අපි මුලින්ම පළවෙනි කොවිඩ් රැල්ල එනකොට ලෝකෙත් එක්ක ම මේ සමාජයේ සියලුම ශ්‍රී ලාංකිකයින් මේක ගැන දැනුවත් වුණා මේක ඉතාම භයානක තත්ත්වයක් කියලා.
ඒ වෙලාව ආණ්ඩුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය මේක හරියට අතට අරගෙන කළමනාකරණය කළා. සෞඛ්‍ය අමාතංශයේ ඒ වන විට ඉතාම හොඳ නිලධාරීන් හිටියා. ඡන්දෙත් එක්ක මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම එයට උදව් වුණා. සෞඛ්‍ය උපදේශ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතාම හොඳ නිලධාරීන් කණ්ඩායමක් එකතුවෙන් සහයෝගයෙන් වැඩ කළා.
හැබැයි පලවෙනි රැල්ල ඒ විදියට නතර කරගත්තේ මාස තුනකට ආසන්න කාලයක් රට වහලා තියලා. රෝගය ව්‍යාප්ත වුණේ නෑ සමාජයට. ඒ තැනදිම ඒක lock කරගත්තා. හැබැයි මේ දෙවැනි රැල්ල වෙනකොට ඒක හාත්පසින්ම වෙනස් වුණා. දෙවැනි රැල්ල එනකොට ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙලා ඉවරයි.
රෝහලට ඇතුළු කරපු ඒ සේවිකාව positive වෙනකොට මම හිතන්නේ සේවකයන් 50% කට වැඩි ප්‍රමාණයකට positive වෙලා ඉවරයි. ඒ වෙනකොට සේවකයින් නිවාඩු ගිහිල්ලා මුළු රටේම පැතිරිනා. ඒකෙම කොටසක් විදියට තමයි මාළු මාකට් එකේ රැල්ල පටන් ගත්තේ. ඒ නිසා මේක ඉක්මනටම ව්‍යාප්ත වුණා.
මේක ව්‍යාප්ත උනාට මර්දනය කර ගන්න වැඩපිළිවෙළක් හොයාගන්න නොහැකි වුණා. නමුත් ආණ්ඩුව දිගටම කියාගෙන ගියේ මෙය සමාජගත වුණේ නැහැ කියලා. අපි දන්නෙ නෑ මේ සමාජගත වුණේ නැහැ කියන නිර්ණායකය හදාගත්තේ කොහොමද කියලා.
දෙවැනි රැල්ල මැඩ පැවැත්වීමට නායකත්වය දෙන්න සෞඛ්‍ය අංශයේ කිසිම නිලධාරියෙක් සිටියේ නැහැ. හිටපු නිලධාරියා වෙන අමාත්‍යංශයක ලේකම්වරයෙක් හැටියට පත් කළා.
ඉතින් ඒ නිලධාරියා ගියාට පස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ලේකම්වරයාත් දෙවැනි රැල්ලේ දී තමයි අපි මාධ්‍යයෙන් දැක්කේ.එතකන් ඒ ලේකම්වරයා මේකට මැදිහත් වුණේ නෑ.
ඒ හින්දා මේ ලේකම්වරයා අවබෝධයෙන් වැඩ කරා කියලා අපට හිතාගන්න අමාරුයි. සෞඛ්‍ය ඇමතිතුමිය මම හිතන්නේ නෑ මේ පිළිබඳ ලොකු අවබෝධයක් තියාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරනවා කියලා. ඒ ඇමතිතුමියට ඒ පිළිබඳ අවබෝධය නොතිබෙන්න පුළුවන්.
ආණ්ඩුව විදිහට දැනගන්න ඕන ඉතා හොඳ නිලධාරීන් කණ්ඩායමක් මේ තත්ත්වයේදී තියාගන්න. නිලධාරීන් හිටියා, නමුත් ඔවුන්ව ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආමි කමාන්ඩවරයාට බාර දුන්නා.
පොලිසිය සහ ආමි එක කියලා කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමක්. පොලීසියේ සහ ආමි එක නැති වෙලාවට මේ මහජනතාව ඕනෑ තරම් නීති කඩනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට පත්වුණා මේකත්. පොලිසිය ඉන්න තැනදී මාස්ක් එක දාගන්නවා.
පොලිසිය නැති තැනදී මාස්ක් එක ගලවනවා . ඉතින් එහෙම තත්ත්වයක් තුළ මේක සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙලා ගියා.
අද වෙනකොට දිස්ත්‍රික්ක 25හේම පැතිරිලා අවසානයි. රජයක් විදිහට ගන්න ක්‍රියාමාර්ග නිශ්චිත නැහැ. ඒ වගේම කොහෙද lock down කරන්නේ , කොහෙද ඇරලා තියෙන්නේ එහෙම තත්ත්වයක් නෑ. නමුත් දැනට දේශපාලන අධිකාරියේ සහ ජනාධිපතිතුමාගේ අදහස තියෙන්නේ ලංකාව වහන්නේ නැතුව මේ තත්වයෙන් පවත්වාගෙන යන්න.
හමුදාපතිගේ පැත්තෙන් යනවා එක නිවුස් එකක් . සෞඛ්‍ය අමාතංශයේ පැත්තෙන් තව අදහසක් යනවා. ඉතින් මේ තුළ මිනිසුන් හිර වෙලා මේක දවසින් දවස පැතිරෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
මේ තත්ත්වය ඉතාම භයානකයි . තව සතියක් වගේ යනකොට මේ තත්ත්වය වර්ධනය වෙයි කියන බොහොම බයක් අප තුළ තියෙනවා. අපේ සේවක කණ්ඩායම් වලටත් ලොකු ගැටලුවකට මුහුණපාන්න සිදුවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය පහසුකම් අපට ලැබෙන්නේ නැහැ රෝහල මට්ටමෙන්.
රෝහලින් සමහර වෙලාවට 95 මාස්ක් එක ලැබෙන්නේ නෑ. අපිට හම්බවෙන්නෙ අර surgical mask එක. ඒක දාන්න පුලුවන් උපරිම වෙලාව තියෙන්නේ පැය හතරයි. 95 mask එක දාන්නේ රෝගියාත් එක්ක move වෙන කිහිප දෙනෙක් විතරයි . මේ තත්ත්වය සේවක කණ්ඩායමට ලොකු අවදානමක්.
වසංගත තත්ත්වය කළමනාකරණය කරගැනීම විෂයේ ආණ්ඩුවේ හැසිරීම ඔබ දකින්නේ කොහොමද?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න විශේෂඥවරු දන්නවා, මේ රෝගී තත්ත්වය මොන විදිහටද පාලනය කරන්න ඕනේ, ඊට අදාළ සම්පත් කොහොමද යොදාගන්නේ කියලා. එතකොට ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නේ කොහොමද කියන එක ආණ්ඩුව දැන ගන්න ඕනෑ.
නමුත් දේශපාලන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දෙපැත්තකට බෙදිලා ඉන්නවා. මේ දෙගොල්ලෝ එක තැනකට ඇවිල්ලා එක තීරණයක් ගන්න ඕනේ.
එයාලා හිතන්න ඕනේ මේක දවස් දහයකට ලොක් ඩවුන් කරලා පාලනය කරන්න පුලුවන්ද, එහෙම නැත්නම් දවස් පහක් ලොක් ඩවුන් කරලා මේක පාලනය කරන්න පුළුවන්ද කියලා.
ඒ අතර අහඹු PCR පරීක්ෂණ කරලා, ඒ මිනිසුන් වෙන්කරගෙන හොඳ කණ්ඩායම කවුද, වෙනම තියාගන්න ඕන කණ්ඩායම කවුද, කියලා තෝරාගන්න ඉක්මනින් වැඩ පිළිවෙළක් සකස් කරනවා නම් මෙය පාලනය කරගන්න පුළුවන්. හැබැයි අපිට පේන්නෙ නැහැ එහෙම දෙයක් වෙනවා.
අපි දකිනවා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සහ වසංගත රෝග විද්‍යායතනය අතර විශාල මත ගැටුම් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියනවා සංඛ්‍යාලේඛන දෙන්නෙ නෑ කියලා අනෙක් පැත්තෙන් විශේඥ වෛද්‍ය පබා පලිහවඩන වගේ අය දැන් දකින්න වත් නෑ. මොකක්ද මේ වෙන්නේ? වසංගත රෝග අංශයේ ලොක්කා ඇවිත් දැන් හැමදාම කියන්නේ මේක තවම සමාජගත වෙලා නැහැ කියලා..
දොස්තර පබා පළිහවඩන දැන් මොකක් හරි විදේශ කටයුත්තකට යවලා තියෙනවා එහෙම නැත්නම් යවන්න ඉන්නවා . කොහොම හරි එයාව එතනින් අයින් කරලා.
දැන් ඇවිල්ල තියෙනව වැඩබලන වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. එයා තමයි දැන් මේ පිළිබඳව යම් පාලනය කිරීමක් කරන්නේ. හැබැයි ඉතින් අපි දන්නෑ මේ වැඩ බලන කියන නාමය යොදාගෙන ඉන්නේ මොන තත්ත්වයේ සුදුසුකම් තියෙන පුද්ගලයෙක් ද කියලා.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මේ භයානක තත්ත්වය ගැන කියනවා. හැබැයි අපිට එයාලගේ ප්‍රතිපත්තියක් හරියට පේන්නෙ නෑ. එයාල මේක පෙන්නලා කියනවා එක එක දේවල් කියනවා නමුත් රජයට බලපෑම් කරන බවක් පේන්නේ නෑ.
හැබැයි එයාලා මේ රටේ අනිත් වෘත්තීන්ට වඩා වැදගත් විදිහට මේ වෘත්තීය ගෙනි යන්න පුළුවන් කණ්ඩායමක්. ඒකේ ඉන්න සියලුම දෙනා වෛද්‍යවරු. එයාලා තමයි මේ මුළු සෞඛ්‍යය ම පවත්වාගෙන යන්නේ.
අනෙක් කාර්ය මණ්ඩල වල සම්පූර්ණ සහයෝගය එක්ක එයාලා තමයි කලමනාකරණ වැඩ ටික කරන්නේ. එතකොට එයාලට වගකීමක් තියෙනවා වෛද්‍යවරු විදිහට මීට වඩා බලපෑමක් කරන්න රජයට.
ඉතින් එහෙම බලපෑමක් කරල මේක හරි පැත්තට යොමු කර ගන්න බවක් පේන්නේ නෑ. එයාලත් මාධ්‍යයට ඇවිල්ල කියාගෙන යනවා විතරයි. නමුත් කියන දේවල් ක්‍රියාවට නැගෙන්නේ නෑ. ඉතින් වසංගත රෝග විද්‍යායතනයෙන් යම් උපදෙසක් දුන්නත් අද රජය ඒක පිළිගන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
දැන් PCR එකක් කරලා දවස් තුන හතරකට පස්සේ තමයි එකේ රිපෝට් එක එන්නේ. දැන් ඒකත් සාමාන්‍යකරණය වෙලා. අද පීසීආර් එක කරලා පැය තුන හතරක් ඇතුළත රිපෝට් එක දුන්න නම් එතකොට ඒ පුද්ගලයා බය වෙනවා.
ඒ පුද්ගලයා පරිස්සම් වෙනවා. අවශ්‍ය ප්‍රතිකාර ගන්නවා. නමුත් දවස් හතරකට පසුව රිපෝට් එක ආවහම ඒ දවස් හතර තුල මේක බොහෝ සෙයින් පැතිරිලා තියෙනවා. මේ රිපෝට් එක පැය තුන හතරක් ඇතුළත එනවනම් වසංගතය ව්‍යාප්තවීම තව අඩු කරගන්න පුලුවන්.
නමුත් අපිට පේන්නේ නෑ මේක අහඹු ලෙස කොහේවත් පරීක්ෂා කරනවා කියලා. කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයේ 10 ත් 20 ත් අතර ප්‍රමාණයකට කැමැත්තෙන් ඇවිල්ල පී PCR පරීක්ෂණය සිදු කර ගන්න පුළුවන්.
නමුත් කැමැත්තෙන් ආව පිරිස මම හිතන්නේ අද වෙනකොට අඩු වෙලා. අහඹු ලෙස PCR පරීක්ෂණය කරල කොරෝනා රෝගීන් ඉන්න තැන් හොයාගන්න ඕන. එහෙම වෙන්නේ නැති හින්ද තමයි ගෙවල්වල මිනිසුන් මැරෙන්නේ.
ගෙවල් වල නිරෝධායනය වෙන මිනිස්සුන්ව වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා බලලා යනවනම් ගෙවල්වල මිනිස්සු මැරෙන්නෙ නෑ. අද වෙනකොට ගෙවල්වල මිනිස්සු මැරීගෙන යනවා එයාලට ඉස්පිරිතාලෙට එන්න වෙන්නේ නෑ. කලින් ඇමරිකාව එංගලන්තය වගේ රට වල ඇති වුණෙත් මේ තත්ත්වයම තමයි.
දැන් ලෝකයේ ගොඩක් රටවල් වල antibody antigen කියන ටෙස්ට් එකත් කරනවා. අපේ රජය මන් දැක්කා මේකෙදිත් කඹ ඇද ඇද ඉන්නවා.
PCR පරීක්ෂණ අහඹු ලෙස සිදු කිරීම තමයි මේකෙ ප්‍රතිපල ගන්න පුළුවන් ක්‍රමය. සෙනඟ වැඩිපුර ගැවසෙන තැනකින් PCR පරීක්ෂණ සිදුකරලා එදිනම ප්‍රතිඵල දෙන්න ඕනි. එතකොට තමයි ඒ මිනිසුන් සොයා ගන්න පුළුවන් වෙන්නේ.
තව දුරටත් ව්‍යාප්ත වෙන්නේ නැතුව. නමුත් මේ පරීක්ෂණය ගත්තොත් මේකේ සීයට හැත්තෑවක් පමණ තමයි ප්‍රතිඵල පෙන්නන්නෙ. ඉතුරු 30% පෙන්නන්නෙ නෑ කියන එක තමයි විශේෂඥ මතය. අනිත් එක තමයි මේ antibody test එක.
මේක ගැන කලින් IDH රෝහලේ අධ්‍යක්ෂකවරයා කිව්වේ මේක එච්චර සාර්ථක නැහැ කියලා. එහෙම කිව්වේ පළවෙනි රැල්ල වෙලාවෙදි. මේකෙන් corona පමණක් නොවෙයි වෙන මොකක් හරි රෝගයක් තියෙනවා නම් එතනදිත් මේක positive කියලා පෙන්නනවා.
විශේෂඥ වෛද්‍යවරුන් එක කණ්ඩායමක් කියනවා දවස් කීපයක් ගියාට පස්සේ තමයි මේ ටෙස්ට් එක කරන්න ඕනේ කියලා. මොකද antibody ශරීරයේ හැදෙන්න ටික කාලයක් ගත වෙනවා.
මේක rapid test එකක්. මේ වෙලාවේ මේක කරන එකේ හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මේ වෙනවිට මේක සීඝ්රයෙන් ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපිට ඕනි ක්ෂණිකවම මේක බලාගන්න පුළුවන් ක්‍රමයක්.
මම හිතනවා මේ antibody test එක මේ වෙලාවේ මේ රටට යොදා ගැනීම ඉතාම හොඳ දෙයක් කියලා. දැන් positive වෙනවනම් positive වෙන්නේ corona virus එක ශරීරයේ තියෙන පුද්ගලයින් තමයි.
මම දැක්කා සෞඛ්‍ය ඇමතිතුමිය කියනවා අපි මේක කරන්නේ WHO එකේ නිර්ණායක මත කියලා. ඒ නිර්ණායක මත ඉන්නවාද, එහෙම නැත්නම් ලංකාවේ positive රෝගීන් අතරට යනවද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ.
WHO එක කියන දේවල් මේ වෙලාවේ ලංකාවට apply කරන්න පුලුවන්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ඉන්න විශේෂඥවරැ තමයි ඒක තීරණය කරන්න ඕන.
ආරක්ෂක අංශයේ සෑහෙන්න දෙනෙකුට මේ වෙනකොට මේ රෝගය බෝ වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයටත් මේක ආසාදනය වෙලා තියෙනවද ? සමහරු කියනවා ආසාදනය වෙලා තියෙනවා, නමුත් තොරතුරු එළියට දෙන්නෙ නෑ කියලා.
රෝහල් කාර්ය මණ්ඩලය ගත්තොත් (මෙම සාකච්ඡාව කරන දිනය වනවිට) පනහකට ආසන්න ප්‍රමාණයකට මේ වන විට මේ රෝගය බෝ වෙලා තියනවා. නමුත් මේ බෝ වෙලා තියෙන්නේ රෝහල්වලින්, වාට්ටු වලින් නෙමෙයි.
IDH රෝහලේ කිසිම කෙනෙකු මේ වෙනවිට නිරෝධායනයට ලක් වෙලා නෑ. අනෙක් centers වලත් කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් වාර්තා වෙලා නෑ.
එතකොට වාර්තා වෙලා තියෙන්නේ රෝහලට නොදැනුවත්කමින් පැමිණි රෝගියෙකුගෙන් බෝවුන එකක් හරි, රෝහලෙන් පිටත එලියෙදි කාගෙන්හරි බෝවුන එකක් තමයි. හැබැයි ආරක්ෂක අංශයේ ඊට වඩා ව්‍යාප්ත වෙනවා වැඩියි.
බොරැල්ල පොලිසියේ තත්ත්වය අපි දැක්කානේ. මේ වෙනකොට ආරක්ෂක අංශවල විශාල ප්‍රමානයකට මේක බෝවෙලා තිබෙනවා. ඔවුන් ඇත්තටම පාරේ ඉදලා විශාල කාර්යයක් කරනවා. ඔවුන්ට කෙළින්ම කොවිඩ් රෝගීන් සමග කටයුතු කරන්න වෙලා තියෙනවා.
එතනදී අපිට වගේ ඔවුන්ට ආරක්ෂිත ඇඳුම් වගේ දේවල් නැහැ. සමහර වෙලාවට ඒ රාජකාරියට අනුව එහෙම දේවල් අඳින්නත් අමාරුයි. අනෙක් පැත්තෙන් මේ රෝගය ඇගට අරගන්නේ නැතුව ආරක්ෂිතව රාජකාරි කරන්න ඒ අවශ්‍ය දේවල් රජය සපයලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්.
කොවිඩ් පළවෙනි රැල්ල වෙලාවේ අපි දැක්කා අරමුදලක් පටන් අරගත්තා. ඒ වගේම ඒ කාලේ දේශපාලඥයෝ කතා කලා රෝහල්වල පහසුකම් කොහොමද ඇති කරන්නේ කියලා. දැන් දෙවැනි රැල්ලත් ඇවිල්ල තියෙනවා. හැබැයි අපිට පේන්නේ නෑ පහසුකම්වල කිසිම සංවර්ධනයක්. අරමුදලට වුණ දෙයකුත් නෑ වගේ තමයි දැන් පේන්නේ?
ඇත්තටම මිනිස්සුන්ටත් මේ අරමුදල මතක් උනේ දෙවැනි රැල්ලත් ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ. මේ අරමුදලට මිනිසුන් කෝටි ගණන් සල්ලි දුන්නා. පළවෙනි රැල්ලෙදි එච්චර වියදමක් යන්න විදිහක් නෑ මේ අරමුදලෙන්.
නමුත් අද වෙනකොට මේ අරමුදලට වුන දෙයක් නෑ. දැන් ප්‍රශ්න කරගෙන යනවා ඒ අරමුදලට ලැබුණ මුදල් කොහොමද වියදම් කළේ කියලා . ඒවට තවම කිසිම උත්තරයක් නෑ. ඒ අරමුදලේ භාරකාරීත්වය දරන පුද්ගලයින් ගෙන් ඒකට පිළිතුරු ලැබුණේ නෑ.
මම හිතන්නේ මේ වන විට ඒ අරමුදලේ මුදල් වෙන වෙන කටයුතු සඳහා යොදා ගෙනයි තියෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු එළියට ලබාදෙන්නේ නැහැ. ඒවා හොයාගන්න පුළුවන් වෙයිද කියලා මට සැක හිතෙනවා. මේ අරමුදල තිබුණානම් අද වෙන විට සෑහෙන දෙයක් කරන්න තිබුණා.
රෝගීන්ට සත්කාර කරන්න මේ අරමුදල යොදා ගන්න තිබුණා. අනිත් එක තමයි රෝහල්වල ඇඳන් තිබුනත් සාමාන්‍ය ප්‍රතිකාර ගන්න එන මිනිස්සුන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා. මොකද අනෙක් ලෙඩ රෝග හැදුන මිනිසුන් ගෙවල් වල නවත්තලා තමයි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳවල් ලබාදෙන්නේ.
මේ නිසා ලෙඩ රෝග තිබෙන මිනිසුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා ඔවුන් අභාවයට පත්වෙන තත්වයකුත් දැන් තිබෙනවා. කොරෝනා රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙන නිසා අනාගතයේදී ඔවුන්ට ඇඳක් නොමැතිව ප්‍රතිකාර කරන්න සිද්ධවෙයි කියලත් අපිට හිතෙනවා.
මොකද ඇඳන් සීමිත ප්‍රමාණයයි ලංකාවේ තිබෙන්නේ. මොකද රෝහල්ඇඳන් ප්‍රමාණය වැඩි වෙලා නෑ. මට ඇසුනා අවුරුදු දෙකකට සියලු ඉදිකිරීම් නැවැත්තුවා කියලා. සමහර රෝහල් වල ඉතා විශාල වාට්ටු සංකීර්ණ ප්‍රමාණයක් ඉදිවෙමින් පවතිනවා. ඒවා සම්පූර්ණයෙන් නතර වෙලා තියෙන්නේ.