එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට ලිපියක් යවමින් දන්වා සිටියි.

මෙවැනි ක්‍රියා මගින් සෞඛ්‍ය සේවකයන්ගෙන් එක් පිරිසකට යම් සුවිශේෂී සැලකිල්ලක් පෙන්නුම් කරන බවත් මෙවන් අවස්ථාවක එය අචාරධර්ම විරෝධී හා අසාධාරණ වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් එම ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යවරියට යෝජනා කරන්නේ පළමුව කොවිඩ් 19 රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සිටින සියළු සෞඛ්‍ය සේවකයන් එන්නත්කරණයට ලක් කරන ලෙසත්, දෙවනුව අනෙකුත් රෝහල් හා ආයතනයන්හී සිටින සියළු සෞඛ්‍ය සේවකයන් එන්නත්කරණයට ලක් කරන ලෙසත් මෙම ක්‍රියාවලිය සතියක් තුළ අවසන් කරන ලෙසත්ය.

මෙම තත්වය වැළැක්වීමට අමාත්‍යංශය ක්‍රියා නොකළොහොත් එන්නත් කරන වැඩසටහනෙන් ඉවත් වීමට හෙදියන් තීරණය කරන බවත් සහ තවත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්විය නොහැකි වනු ඇති බවත්ය.

Social Sharing
නවතම