ඇමති ඉල්ලීමට වර්ජනය නවතී!

health strike in sri lanka

හෙට උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත වූ සෞඛ්‍ය වර්ජනය තව දුරටත් දින 7 ක කාලයක් සදහා තාවකාලිකව අත් හිටුවීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන ලදි.

2023.3.18 දින සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමතිවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව අද දිනයේ රැස් වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෘත්තීය සම්ති සන්ධානය ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාර ප්‍රමාද වීම මත මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද, එම සාකච්ඡාව, අදාල තීරණ ගනු ලබන සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීම විසදුමකට යාම සදහා අත්‍යවශ්‍ය වන බැවින් ඒ සදහා සතියක කාලයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමකට අනුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා වෘත්තීය සම්ති සන්ධානයේ කැඳවුම්කරු  රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Social Sharing
අවකාශය නවතම