විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන. එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට…

Read More

සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවක් අමතමින් මෝල්හිමියන් වෙනුවෙන් එම සංගමයේ සභාපති මුදිත පෙරේරා ප්‍රකාශ කරන්නේ  ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිඟයක් ඇතිවෙනු ඇති බවය. මේවනවිට ගාල්ල වැනි ප්‍රදේශවල සුදු කැකුළු සහල් කිලෝවක් අලවි වන්නේ රුපියල් 150ක් වැනි මිලකටය. නාඩු සහල් කිලෝවක වර්තමාන මිල රුපියල් 165 ක් පමණ වූවත් බොහෝ කුඩා වෙළඳසැල් තුළ නාඩු…

Read More

සහල් සීනි පරිප්පු කන්ටේනර් 1000කට වැඩිය වරායේ හිරවෙලා!

More than 1000 containers of rice sugar dhal at the port

ඩොලර් හිඟය නිසා සහල් පරිප්පු සීනි අර්තාපල් ලොකු ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව වරාය ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තව තවත් ඉහළ යාහැකි බව වාර්තා වෙන අතර කොළඹ වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පසුගිය 16 දා එකඟ වී තිබේ. නිදහස් කරගැනීමට නොහැකිව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර පසුගිය 16 දා වෙළද අමාත්‍යංශයේ දී පැවැති…

Read More

බඩුමිල අහසට, නත්තල කොට උඩ, මැති ඇමති පිටරට

Inflation rises in Sri Lanka

එළවළු, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල එලබෙන නත්තල් සමයත් සමග රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වනවිට අමු මිරිස්, මාළු මිරිස්, සලාද කොළ, කැරට්, ලීක්ස්, ආදී බොහෝ උඩරට එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1000 සීමාවට ළඟාවී හෝ ඉක්මවා ඇත.  පතෝල, වැටකොළු, වැනි පහතරට එළවළු වර්ගද රුපියල් 500ත් රුපියල් 800ත් අතර සීමාවකට පැමිණ ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අසාර්ථක කාබනික ගොවිතැන් ව්‍යාපෘතිය මෙම මිල ඉහළ යෑමට එක හේතුවක් බව දැනගන්නට ලැබේ. ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ රටතුළ විශාල වශයෙන් මුදල් නෝට්ටු මුද්‍රනය කිරීම සහ වර්තමාන ඩොලර්…

Read More

සහල් ආනයනය අපේ රටේ ඩොලර් හිඟ වීමට බලපායිද?

Will rice imports cause dollar shortages sri lanka

වර්තමාන රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කිරීම නිසා ඉදිරියේ දී අපේ රටේ ගොවියාගේ වී මිල පහළ යාමට හේතු විය හැකි බවත් බංගලිදේශයෙන් ඩොලර් මිලියන 20ක ණයක් ලබාගෙන ඉන්දියාවට ඩොලර් මිලියන 48.6ක් සහල් ගෙන්වීම සදහා ලබා දීම අපේ රටේ ඩොලර් හිගවීමට බලපාන බවත් මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වන ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. “ඉන්දියාවෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂායක් ඉන්දියාවෙන් ගෙන්නන්න තීරණය කරලා තියෙනවා. මේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය ගෙන්වනවා…

Read More

සහල් වෙළඳපල පාළනය කිරීමේ ගැසට් 7 ම පුස්සක්! – එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමය

Gazette for governing the rice market kusumitha mudith

සහල් වෙළඳපල පාළනය කිරීම සදහා රජය මෙතෙක් දරපු උත්සාහයන් හා ගැසට් නිවේදන 7 ම පුස්සක් බවත් යල කන්නයේ වී ටික වෙළදපළට පැමිණෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී යල කන්නයේ වී අස්වැන්න තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ ගබඩාවලට ලබාදීමේ කුමන්ත්‍රණයක් බවත් එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා චෝදනා කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් කැදවමින් හෙතෙම මෙම චෝදනාව එල්ල කළේ ය. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා මෙසේ ද කීය. “ඊයේ අපි දකිනවා නිවේදනයක් වෙළද අමාත්‍යංශය වෙනුවෙන් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව…

Read More