සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කෙරේ

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවය.

Social Sharing
නවතම පුවත්