Tag: ලංකාවේ ජනාධිපති
ජනතාවාදියෙකුගේ ජන හතුරෙක් දක්වා ගමන
[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්රිවරයාවූ මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී…
Read More‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…
Read Moreරනිල්ගේ ජනපති සිහිනයට පාර කාපට් කර ඇත..!
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේකොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත්‘උකුණු පුකක‘ මොළයක් තිබුණේ නෑ. මිනිහට ඕනෑ වුණේ මස් රාත්තලම එකවර ඔඩොක්කුවට දාගන්න. මේ වෙලාවේ කවුරුඅගමැති වුණත් පාර්ලිමේන්තුව ඔහුට සහාය දෙන්න ඕනෑ අනිවාර්යයෙන් කියන එක, සජිත්ගේ ටිකිරි මොළයට තේරුණේ නෑ. එහෙමනැත්තං සජිත් ප්‍රේමදාසගේ මවාණෝ තිරුනඩේසන්ගෙ ගෙදර ගිහිං ගත්ත උපදෙස්වල…
Read Moreගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි
අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර රටකරන්නට ආණ්ඩුවක් නොමැති තත්ත්වයට පත්වෙයි. මෙම තත්ත්වය තුළ ඉතාමත් ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreරටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට පුරා තැනින් තැන අපට පෙනෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ මාදිලියේ විරෝධතාවන් ය. ගෝල්ෆේස් පිටිය යනු එම අදහස සක්‍රීය විරෝධාකල්පයකින් ප්‍රකාශයට පත්වෙන කුඩා බිම්කඩකි. රටේ වෙනත් සෑම තැනකම එම අදහස, වෙනත් මාදිලිවලින් දෛනිකව ප්‍රකාශයට පත්වෙයි. වසා ඇති සෑම ඉන්ධන පිරවුම්හලකම ඇති හිස්කමත්, විවෘතව ඇති සෑම ඉන්ධන පිරවුම්හලක්ම ඉදිරියේ ඇති දීර්ඝ පෝලිම් රාශියත්, රෑ දවල් දින ගණන් පාරේ…
Read Moreරාජපක්ෂලා නොයයි නම් අප කුමක් කළ යුතුද?
උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි. එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය. මහින්ද රාජපක්ෂ ශාරීරික දුබලතාවයෙන් වැනෙමින් ප්‍රකාශ කරන්නේ තමන් ඉවත් කළොත් මිසක් නොයන බවය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ තුන් හිතකවත් මහින්ද අයියා ගෙදර යැවීමේ උවමනාවක් සැළැස්මක් නැති බවය. මේ කතාවලට අපිට කියන්නට තිබෙන්නේ අපි මුලින්ම යන්නට…
Read Moreආසයි බයයි, ඒ රාජපක්ෂ බෝට්ටුවෙ නමයි..!
රාජපක්ෂ පවුල සිය පවුල් පාලනය අතහරින්නට සාකච්ඡා කරන ගමන්ම තව ටික කාලයක් බලයේ රැඳී සිටීමට ද සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි. රාජපක්ෂ පවුලෙන් තොර පුද්ගලයෙක්ට අග්‍රාමාත්‍ය තනතුර ලබාදෙමින් නැවත පොහොට්ටු ආණ්ඩුවක් අන්තර්කාලීන වේශයෙන් ආරම්භ කරමින් තව ටිකක් බලය අල්ලාගෙන සිටීම සඳහා රාජපක්ෂවරුන් උත්සාහ කරමින් ඇත. මෙහිදී ඔවුන් ජනාධිපති සහ අගමැති ලෙස දෙපිළකට බෙදී ඇති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට තරහා වී ඇති බවත් සමාජගත කරමින් සිටී. එම මතය යම් ප්‍රමානයකට සමාජය තුළ තහවුරු වූ බවක්ද පෙනෙන්නට ඇත. ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා කරන්නට මහින්ද රාජපක්ෂ කැමති නැතැයි එදා සමාජගත…
Read Moreහිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී බී රත්නායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩලස් අලහප්පෙරුම, යන හිටපු ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවනු ඇතැයි දැනගන්නට ඇත. තමා අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 14 වැනි දා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබූ අතර, අමාත්‍යධූර භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම හා සරත් වීරසේකර යන හිටපු ඇමැතිවරුන් ට්ව්ටර් පණිවුඩ හරහා ප්‍රකාශයට පත්…
Read Moreදෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන් උනන්දුවෙන් අත්සන් ලබාදෙමින් සිටින බව වාර්තා වෙන අතර යෝජිත අන්තර්වාර පාලනයේ නායකත්වය ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මාස 06ක පමණ පාලන කාලයකට මෙම ආණ්ඩුව පිහිටුවනු ඇතැයිද ඉන්පසුව වහාම මැතිවරණයකට යනු ඇතැයි ද කරුණු වාර්තා වෙයි.
Read More