‘ගෝඨාභය ඔබ කියන්නේ බොරු’ – පාඨලී චම්පික රණවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පාලන කාලය තුළ සතයක්වත් ණය අරගෙන නැතැයි කීම බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සියලු තොරතුරු සමග ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ (2020-21) ඩොලර් මිලියන 5000කට ආසන්න ණය ප්‍රමානයක් විදේශ රටවලින්, ජාත්‍යන්තර ආයතනවලින් අරගෙන තිබෙන බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා ඔහු  පසුගිය කාලයේ ණය ආපසු ගෙවන්න ණය ගත්ත බවත් ඒ ණයවලින් 77%ක් මහින්ද රාජපක්ෂ යුගයේ ගත්ත ණය බවත් ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ මේරටේ ආහාර සුරක්ෂිතතාවය උඟස් කළ බවත් මේ වනවිට ජනතාවට බඩගින්නේ ඉන්න සිදුවී තිබෙන බවත් ප්‍රකාශ කරන චම්පික රණවක මන්ත්‍රීවරයා පොහොර, තෙල් සහ ඖෂධ නොගෙන්වා ණය ගෙවන්න විදෙස් සංචිත ඉතිරිකරගත් නිසා රටතුළ විශාල අර්බූදයක් නිර්මානය වී ඇති බව ප්‍රකාශ කරයි.

රටේ ආහාර සුරක්ෂිතතාවය, ඖෂධ සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය උඟසට තබා වර්තමාන ආණ්ඩුව පසුගිය කාලයේ ණය ගෙවූ බවත් මේ සියලු දේ එක්ක ඩොලර් මිලියන 5000ක් ණය ගත්ත බවත් ප්‍රකාශ කරන පාඨලී චම්පික රණවක බොරු නොකියන්න යැයි ජනාධිපතිවරයාට කියාසිටී.

Gotabhaya you are lying patali champika

Social Sharing
නවතම