හමුදාව මඩට…!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම සෙවීමක් බැලීමක් නැතිව රටේ ගොවිතැන කාබනික කරණය කිරීමේ විපාක ලෙස, වර්තමානයේ උද්ගත කෘෂිකාර්මික සහ ආහාර අර්බූදයට පිළියම් ලෙස ඉදිරි යල කන්නයේදී හමුදාව දිවයිනේ සෑම කුඹුරකටම යොදවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා යැයි ලංකාදීප වාර්තා කරයි.

මේ අනුව රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරනු ඇත. මෙම වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විශේෂ උපදෙස් මත තමා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වා වූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිමට යුද්ධ හමුදාව සූදනම් බව දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම