Tag: ගෑස් මිල
හිරුනිකා අගමැතිගේ නිවස ඉදිරිපිට හූ තියයි
හිරුණිකා අගමැති නිවස වටකරයි!
සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය සමග කුස්සියේ ලිප පත්තු කිරීමේදී දැනෙන පීඩාවට එරෙහිව මේ ආකාරයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියි.
Read Moreපුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
– අජිත් පැරකුම් ජයසිංහ – පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම…
Read Moreගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ. ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.
Read Moreගෑස් තවත් වැඩි වෙයි?
ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි. “ලිට්‍රෝ සමාගම කියලා තියෙනවා දැනට ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින් කියලා. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්‍රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා” යැයි පසුගිය 29 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය.
Read Moreරත්ගම දී මිනිස්සු ගෑස් ලොරියක් නවත්වයි, පාරත් වහලා
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම සහ කුමාරකන්ද අතර බස් ධාවයන නොවෙන අතර ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙන බස් රථ රත්ගම හන්දියෙන් හරවා කුමාරකන්ද වෙත යවන බවද කොළඹ සිට එන බස් රථය එලෙසම කුමාරකන්දෙන් හරවා රවුම් පාරෙන් රත්ගම හන්දිය වෙත යොමුකරමින් ඇතැයි වාර්ථා වෙයි. ලංකාව පුරාම මෙලෙස ගෑස් සහ ඉන්ධන ලබාගැනීමේදී ජනතා කළකෝළහල ඇතිවී ඇති අතර මේ වනවිට ඉන්ධන පෝලිම්වල…
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!
ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක් සිය සමාගමට දරන්නට සිදුවන බවය. එහෙත් මෙම ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළේ අලවි වන්නේ රුපියල් 2675 ක මිලකට නිසා සමාගමට දැවැන්ත පාඩුවක් සිදුවන බව එම සමාගම ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය තුළ දැනට ගොඩ බාමින් ඇති ගෑස් නෞකාවෙන් පමණක් රුපියල් මිලියන 200 ක පාඩුවක් තම සමාගම ලබන බවත් ඉදිරියේදීත් මෙම තත්ත්වය වෙනස් නොවන බව ප්‍රකාශ කරන එම සමාගම…
Read Moreමේ නැව අවසන් නැවද?
දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්‍රෝ ප්‍රධානියෙක් ‘අයිතිය’ වෙබ් අඩවිය සමග ප්‍රකාශ කළේය. මෙම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකක සැපයුමකට පමණක් ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන එම නිළධාරියා මෙම දින දෙකෙන් පසුව නැවතත් ගෑස් ප්‍රශ්නයක් එන බවද, එම අවස්ථාවේදී නම් ගෑස් ප්‍රශ්නය විසඳාගන්නටම නොහැකිවනු ඇති බව සිය විශ්වාසය යැයි ප්‍රකාශ කරයි. ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 200ක් කර්මාන්ත සඳහා ලබාදෙන අතර ඉන්පසු ඉතිරිවෙන…
Read Moreආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බවය. ඒ අනුව එම ගෑස් සමාගම මේ වනවිට සිය ගෑස් තොග, කර්මාන්ත සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණක් නිකුත් කරයි. රට තුළ ගෑස් හිඟය මෙසේ උත්සන්න වෙනවිට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාවක් ලංකාවට ආසන්න මුහුදේ නැංඟුරම් ලා ඇති බවද එහි තිබෙන ගෑස් තොග ගොඩබා ගැනීම සඳහා ලංකාව සතුව ඩොලර් නැති…
Read More