ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!

අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ.

මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි.

කෙසේ වෙතත් රට තුළ පවතින ගෑස් හිඟය පියවීමටනම් තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියා සිටින්නේ.

ඒ අනුව මේ වනවිට රට තුළ පවතින ගෑස් හිඟය මෙට්‍රික් ටොන් 30,000ක් පමණ වනවා.

Social Sharing
නවතම