කුමන්ත්‍රණ ටොෆිය…

ගෑස් පිපිරීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒ කතාවේ ඔහු කියනවා ජනාධිපතිගේ නියමයෙන් දැන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ අස්සේ තිස්ස කුට්ටි කියනවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අයින් කළේ බුද්ධි වාර්තාවක් උඩ කියලා. ඒ කියන්නේ සුසිලුත් කුමන්ත්‍රණයක හිටියා කියලා නේ.

ජොන්ස්ටන් තමන්ගේ කතාවේ කියනවා කොළඹ 7 ගෑස් පිපිරීම් නැහැ කියලා. නුවරත් නැහැලු. කුරුනෑගලත් නැහැ ලු. මේ යනවිදිහට සහල් මිල වැඩි වීම කොළඹ වරායේ තෙල් නැව් දෙකක් සිරවීම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිණීම වගේ හැමදේම කුමන්ත්‍රන වෙන්න පුලුවන්. සමහර වෙලාවට ජනාධිපතිගේ නියමයෙන් ඒ ගැන පරීක්ෂණ වගේ දේවලුත් පැවැත්වෙන්න පුලුවන්.

සමහර වෙලාවට අගමැති මහින්දට තිරුපති යන්න නිල් කුරුල්ලෙක් තෑගි දීමත් කුමන්තණයක් වෙන්න පුලුවන්. මෙහෙම බැලුවාම මේ ආණ්ඩුවම කුමන්ත්‍රණයක් තමයි නේද?

Social Sharing
නවතම