ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..

මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි.

මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බවය. ඒ අනුව එම ගෑස් සමාගම මේ වනවිට සිය ගෑස් තොග, කර්මාන්ත සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණක් නිකුත් කරයි.

රට තුළ ගෑස් හිඟය මෙසේ උත්සන්න වෙනවිට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාවක් ලංකාවට ආසන්න මුහුදේ නැංඟුරම් ලා ඇති බවද එහි තිබෙන ගෑස් තොග ගොඩබා ගැනීම සඳහා ලංකාව සතුව ඩොලර් නැති බවද සමාජ මාධ්‍ය වාර්තා කරයි. මෙම නෞකාව දැනට සතියක පමණ කාලයක සිට මෙසේ නතර කරගෙන සිටින බවද, එම නැව සඳහා ඩොලර් මිලියන 10ක් ගෙවිය යුතු බවද වාර්තා වෙයි.

Social Sharing
නවතම