ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5000ක් වෙන ලකුණු!

ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ.

ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක් සිය සමාගමට දරන්නට සිදුවන බවය.

එහෙත් මෙම ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළේ අලවි වන්නේ රුපියල් 2675 ක මිලකට නිසා සමාගමට දැවැන්ත පාඩුවක් සිදුවන බව එම සමාගම ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ දැනට ගොඩ බාමින් ඇති ගෑස් නෞකාවෙන් පමණක් රුපියල් මිලියන 200 ක පාඩුවක් තම සමාගම  ලබන බවත් ඉදිරියේදීත් මෙම තත්ත්වය වෙනස් නොවන බව ප්‍රකාශ කරන එම සමාගම මිල වැඩි කිරීමක් නොකර තව දුරටත් තම සමාගමට පවතිනු නොහැකි බව ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ අනිවාර්යයෙන් ඉදිරියේදී ලිත්‍රෝ ගෑස් මිල දෙගුණයකින් ඉහළ යන්නට විශාල ඉඩක් පවතින අතර දැනටමත් ඒ සඳහා රජයෙන් ඉල්ලීම් කර ඇත.

Social Sharing
නවතම