ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?

president gotabaya rajapaksa Cabinet reshuffle

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන් ඉවත් කිරීම මෙන්ම නව අමාත්‍යවරුන් පත් කිරීම ආණ්ඩුව තුළ අභ්‍යන්තරයේ උද්ගත ප්‍රශ්නය බෝම්බයක් වී පුපුරා යන්නට හේතුවෙනු ඇතැයිද එනිසා කැබිනට් සංශෝධනය කල් දැමීම නුවනට හුරු බවද ජනාධිපතිවරයා වෙත ඔහුගේ සමීපතම උපදේශකයන් දැනුන් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලිට්‍රෝ සභාපති ඉවත්කර නව සභාපතිවරයෙක් පත්කිරීම මෙන්ම, ජනාධිපතිවරයා එම ගෑස් අංගනය වෙත…

Read More

බැසිල්, මුදල් ඇමති තනතුර දැරීම ව්‍යවස්ථා විරෝධීයි!

Basil Rajapaksa post of Finance Minister Wijedasa Rajapaksa

පුරවැසි පනතට අනුව මෙරට කිසිඳු සම්පත් දැරීමට බැසිල් රාජපක්ෂට සුදුසුකමක් නැති බවත් එනිසා ඔහු මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දැරීම අභියෝගයට ලක්කරමින් ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස සහ මුදල් ඇමැතිවරයා ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉහත ප්‍රකාශය කළ  ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රශ්න කර ඇත්තේ ඇමරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක අවි දැරීමට දිවුරා පොරොන්දු වී සිටින…

Read More

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

Basil Rajapaksa allowance of Rs. 5,000

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා කර ඇති අතර අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු සියල්ල ඉවත් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරයි. ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලැබෙන අතර වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව පියවා ගැනීමට ඉදිරියේ දී වී කිලෝවක් සඳහා…

Read More

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!

Basil Rajapaksa arrives in Sri Lanka

අද (01) උදෑසන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අයවැය සම්මතවී පාර්ලිමේන්තුව වාරාවසාන කළ පසුව ඔහු සිය රටවන ඇමරිකාව වෙත සති තුනක කාලයක් සඳහා පිටත්ව ගිය අතර ඒ සමග කැබිනට් සංශෝධනය ගැන මෙන්ම ජනාධිපති ලේකම් පීබී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම පිළිබඳව බොහෝ කතාබහ රට තුළ සිදුවිය. බැසිල් රාජපක්ෂගේ පැමිණිමත් සමග කැබිනට් මණ්ඩලයේ වෙනස් කම් පිළිබඳව මෙන්ම වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් සමුගැනීම පිළිබඳවත් සාකච්ඡා කරන්නට නියමිත බව වාර්තා වෙයි.

Read More

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද?

Rajapaksa government in crisis

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ. කැබිනට් මණ්ඩලයේ වෙනසක් අලුත් අවුරුද්දේ සිදුවිය හැකි වෙතත්, (ඉස්සර, ජනේරුවට අපිත් අලුත් ඇඳුම් ඇන්දා), රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ‘ශූර’ ඥානයක් ගෝඨාභයටවත්, මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහටවත් තිබේද යන්න සැකසහිතය. අලුත් තනතුරු, අලුත් පත්වීම් කීයක් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැන් අප දැක තිබේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් ලේකම්වරුන් හතර දෙනෙකු මේ වන විට…

Read More

විමල් ඩලස් එළියට?

Wimal and Dullas to the opposition

වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එන්න එන්නම අසාර්ථක වීම තුළ ආණ්ඩුවේ ජනප්‍රියතාවය සීග්‍රයෙන් පහළ බසිමින් පවතින පසුබිමක තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීම සියතින්ම ගෙල සිඳ ගැනීමක් බව මෙම කණ්ඩායමේ අදහසයැයි දැනගන්නට ඇත. මෙම කණ්ඩායම සමග දැනට මන්ත්‍රීවරුන් 30 දෙනෙක් පමණ සිටින බවද ඔවුන්ගේ මීළඟ ඉලක්කය එලබෙන ජනාධිපතිවරණය බවද දැනගන්නට ඇත.

Read More

කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!

Cabraal and Attygalle to appear before Cabinet today

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨයෙක් ‘අයිතිය වෙබ් අඩවිය’ වෙත ප්‍රකාශ කළේය. විලාසිතාවට වාගේ ඉහත දෙදෙනා කැඳවා කළ හැක්කේ කුමක්දැයි විමසූවත් ඔවුන්ටද මේ උගුලෙන් රට ගළවා ගැනීමේ යෝජනා හෝ විසඳුම් නැති බව පෙනෙන්නේ යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ ඉදිරියේදී ණය ගෙවාගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසීමට කැබිනට් මණ්ඩලය සූදානමින් සිටින්නේ යැයි දැනගන්නට ඇතැයි කියා සිටින…

Read More

යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!

Yohani gets Rs.40 million land from the government

කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ගායිකා යොහානි ද සිල්වා හට රුපියල් කෝටි 4ක වටිනාකමින් යුතු ඉඩම් කට්ටියක් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් හිමිව ඇත. 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන් ඉඩම් කැබලිවලට ආසන්නව ලබාදී ඇති මෙම බිම් කොටසේ පර්චසයක දැන් වෙළඳ වටිනාකම ලක්ෂ 40කට වැඩි බව ද ඒ අනුව මෙම ඉඩම් කැබැල්ල තුළ පර්චස් 9.68ක් ඇති බවද මේ පිළිබඳව පුවතක් පළකරන ‘අනිද්දා’ ඉරිදා පුවත්පත ප්‍රකාශ කරයි. රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීම මෙම ඉඩම ලබාදීමට හේතුව බව දෙසැ: 20 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම කැබිනට් යෝජනාව…

Read More

බැසිල්ට අගමැතිකම, ශෂේන්ද්‍රටත් කැබිනට් ඇමතිකමක්!

Basil Rajapaksa sworn in as Prime Minister

ඇමරිකාවේ සිට පැමිණෙන්න නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තුව පටන් ගන්නට ප්‍රථම අගමැති ධුරයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ සමග කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි. මීළඟ කැබිනට් සංශෝධනයේදී ශෂේන්ද්‍ර රාජපක්ෂ, මහින්දා නන්ද අලුත්ගමගේ, වැනි අයට ප්‍රබල අමාත්‍යාංශ හිමිවනු ඇති බවත් වාර්තා වේ. මෙම නව කැබිනට් මණ්ඩලය තුළ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වැනි අයට අමාත්‍ය ධුර අහිමිවෙනු ඇති බවත් ඔවුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර පමණක් හිමිවෙනු ඇති බවත් වාර්තා වෙයි.

Read More