පොහොට්ටු 21 හෙට කැබිනට්ටුවට

පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ.

පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින් සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර 21 පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවතී ඇති අතර එහිදී පොහොට්ටුව ඉල්ලාසිටිනු ලැබූ වෙනස්කම් සමගින් මෙම සංශෝධනය එලබෙන කැබිනට්ටුවට ඉදිරිපත් වෙනු ඇත.

මෙහිදී 20 වැනි ව්‍යවස්ථා සං‌ශෝධනයේ වගන්ති රැසක් ‌සංශෝධනය කොට එම බලතල වත්මන් ජනාධිපතිවරයාගේ කාලසීමාවෙන් පසුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඒ සඳහා විශේෂ වගන්තියක් මෙම සංශෝධනයට ඇතුලත් කරනු ඇත.

මෙහිදී ජනාධිපතිවරයා සතු අගමැතිවරයා පත් කිරීම, අමාත්‍යවරුන් පත් කිරීම, අමාත්‍යාංශ විෂයන් වෙනස් කිරීම ආදී බොහෝ බලයන් එලෙසම ක්‍රියාත්මක වෙනු ඇතැයි දැනගන්නට ලැබේ.

පොහොට්ටුවේ බහුතර මතය 21 ට විරුද්ධ බව ප්‍රකාශ වෙන අතර ඔවුන් පසුගිය දා ජනාධිපතිවරයා මුණගැසී ඉල්ලා සිට ඇත්තේ පොහොට්ටු ප්‍රබලයෙක් අග්‍රාමාත්‍ය තනතුරට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය.

Social Sharing
නවතම පුවත්