වැලිඔය හරහා ගලන කඳුළුඔය

Welioya Microfinance Loan issues

අපි පහුගිය දවසක වැලිඔය ගියා, ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න. ඇත්තටම ක්ෂුද්‍ර මූල්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් ඒක දන්නේ බංගලිදේශයේ ආර්ථික විද්‍යාඥයෙක් වුණ මොහොමඩ් යූනුස් හඳුන්වාදුන් ග්‍රාමීන් බෑන්ක් කියන සංකල්පයේ දිඟුවක් විඳිහට. අද ලෝකය පුරාම ප්‍රචලිත ජනප්‍රිය මතය තමයි මේ ක්‍රමයෙන් දුප්පතුන් තුරන්කරනවා කියන දේ. මේ ආර්ථික විද්‍යාඥයාට නොබෙල් සාම තෑග්ගත් ලැබෙන්නේ මේ මතය නිසා. ලෝකයේ ස්ථිර සාමයකට දුප්පත්කම දුරැලීම අත්‍යාවශ්‍යයි. ඒ පදනමින් තමයි ග්‍රාමින් බෑන්ක් සංකල්පය ලෝකය දිනන්නේ. ඒත් ඇත්තටම මේ සංකල්පය අද වෙනකොට ලෝකයේ දුප්පතුන් අඩුකරලා තිබෙනවාද? උත්තරය නැහැ කියන එක. මේ ක්‍රමය…

Read More

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා

Microfinance Disaster in sri lanka

‘ අපිත් ණයයි රටත් ණයයි ‘  අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන අදහස් ලිපියක් ලෙස මෙලෙස පළකරමු. 100% සිට 220% දක්වා ණය පොලී අය කරනවා ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම සපයාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් ඉදිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍යමය පහසුකම් සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය, මයික්‍රෝ ෆිනෑන්ස් ලෙස CIAP එනම් දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින්…

Read More

අපිත් ණයයි, රටත් ණයයි, දෙවි පිහිටයි! | Microfinance crisis

Read More

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර

microfinance loans Amali Wedagedara

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත කැඩිලා. අත කැඩෙනවා වගේ දෙයකින් ඒ කාන්තාවගේ අත කැඩිලා වගේ එයාගේ ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා. එතනින් තමයි ප්‍රශ්නය එයාලට පටන් අරගෙන තියෙන්නේ. කිරි හරක් හදන ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා එක කිරි හරකෙක් මැරිලා. ණය අරගෙන මාස හයකින් විතර මේ හරකා මැරෙන්නේ. මේවගේ කතා ගොඩක් මට හම්බවෙලා තියෙනවා. ණය ගන්නේ ව්‍යාපාරයක් කරන්න, හැබැයි ණය අරගෙන…

Read More

දැරිවියක දුෂණය කිරීමේ සැකයට 40කට වඩා අත් අඩංගුවේ!

More than 40 arrested on suspicion of raping a girl

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිවියක ලිංගික සුරාකෑමට යොදාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 42 ක් දක්වා ඉහල ගොස් තිබේ. අධිකරණ වාර්තාකරුවන් පවසන පරිදි ලිංගික අපචාරයකට සැකපිට ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද වැඩිම සංඛ්‍යාව මෙයයි. අන්තර් ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරිවිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බෞද්ධ විහාරස්ථානයක නායක භික්ෂුවක්, මාලදිවයිනේ හිටපු  මුදල් ඇමැතිවරයෙක්, පොලිස් නිළධාරීන් දෙදෙනෙක්, නාවික හමුදාවේ  ලුතිනන් කර්නල් වරයෙක්, පොදුජන පෙරමුණේ උතුරු මැද පළාතේ දේශපාලනඥයෙක්, ගායකයෙක්, බැංකු කළමනාකරුවෙක් ඇතුළු ව්‍යාපාරිකයන් ගණනාවක් මේ අතර වේ. මෙම දැරිවිය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට පිරිමින් අද්දාගත් වෙළෙඳ දැන්වීම්…

Read More

ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද? – පිලිප් දිසානායක

mechanism is needed to prevent child abuse and crime

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි. පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි.…

Read More

ඉෂාලිනි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් වැඩ අරඹයි!

Human Rights Commission is acting on Ishalini's death

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා ති‌බේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන බවට ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිසම වෙත ලැබී තිබු පැමිණිලි අනුව එම කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් මානව හිමිකම් කොමිසම විසින් මෙසේ කැඳවා ඇත. මෙම වාර්තාව මේ මස 30 වෙනි දිනට ප්‍රථම ලබා දිය යුතු බව මානව…

Read More

දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!

child trafficking slavery in sri lanka

ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට  ප්‍රවාහනය කිරීම  හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3% ක් ආර්ථික කටයුතුවල නිරත විය. මෙය ළමුන් 103,704 දෙනෙකුගෙන් වන අතර ඉන් 39,007 දෙනෙකු අනතුරුදායක ආකාරවල නිරතව සිටියහ. කෙසේ වෙතත්, රජය සහ සිවිල් සමාජය සම්බන්ධයෙන් ගත් කල, විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා ජනප්‍රිය ප්‍රදේශවල ළමයින් ලිංගික සූරාකෑම පිළිබඳ වාර්තා වී නොමැත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන පරිදි සමස්ත මිනිස් ජාවාරම් වලට ගොදුරු වූ පුද්ගලයින්ගෙන් 25%ක්…

Read More

චිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!

Ishalinis death and rajapaksa family

මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති වුණ කම්කරු අමාත්‍ය ධුරයේ ඉඳලා ඇමති ධුර විශාල සංඛ්‍යාවක් දරපු අගමැති ධුරය කීප පාරක් දරපු මහින්ද රාජපක්ෂ ගේ බාල පුතා. ඒනිසා උබ රස්සාවක් කරලද ඔච්චර සුඛට ජීවත් වෙන්නේ කියලා අහන එකේ තේරුමක් නෑ. මට මෙතනදී තියෙන්නේ ඊට වෙනස් කතාවක්. දැන් අපි හැවෝම අර රිසාඩ්ගේ ගෙදරදී ඝාතනයට ලක්වුණ දැරිවියගේ දෙමාපියන්ගෙන් අහනවා ඇයි තමන්ගේ දුව මෙහෙකාර සේවයට…

Read More

මෙහෙකාර දැරිවියගේ මරණය ගැන හිටපු ඇමැති බදුර්දීන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

Rishad Bathiudeen is to be arrested in connection with Ishalini's death

හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු  සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද  සැකකරුවෙක් ලෙස  අත් අඩංගුවට ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියේ මන්ත්‍රීවරයා අයත් බෞද්ධාලෝක මාවතේ පිහිටි  නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියගේ මරණය සම්බන්ධයෙන් නිවසේ  ගෘහ මුලිකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වගකිව යුතු බවයි. ඒ අනුව  ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවක්  වශයෙන් ඉදිරියේදී…

Read More