දුප්පත්කම නිසා මිනිස් ජාවාරමට ගොදුරු වන අපේ දරුවන්!

ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට  ප්‍රවාහනය කිරීම  හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3% ක් ආර්ථික කටයුතුවල නිරත විය. මෙය ළමුන් 103,704 දෙනෙකුගෙන් වන අතර ඉන් 39,007 දෙනෙකු අනතුරුදායක ආකාරවල නිරතව සිටියහ. කෙසේ වෙතත්, රජය සහ සිවිල් සමාජය සම්බන්ධයෙන් ගත් කල, විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා ජනප්‍රිය ප්‍රදේශවල ළමයින් ලිංගික සූරාකෑම පිළිබඳ වාර්තා වී නොමැත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන පරිදි සමස්ත මිනිස් ජාවාරම් වලට ගොදුරු වූ පුද්ගලයින්ගෙන් 25%ක් දරුවන්ය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ළමයින් විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමා කාමුක දර්ශන පිළිබඳ විකල්ප කෙටුම්පතේ රාජ්‍ය පක්ෂයකි. කුඩා පරිමාණ අධ්‍යයන කිහිපයකින් ද රටේ ළමා ලිංගික සූරාකෑමේ ගැටලුව පැහැදිලිව පෙන්වා දී ඇත. එවැනි සූරාකෑමේ රහසිගත ස්වභාවය සහ ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ හේතුවෙන් එවැනි සූරාකෑම් හඳුනා ගැනීම, වාර්තා කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අභියෝගයකි. කෙසේ වෙතත්, මෙම ගැටළුව විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර රැසක් ගෙන ඇති බව පිළිගත යුතුය. අධිකරණ අමාත්‍යාංශය යටතේ ජාතික මිනිස් ජාවාරම් මර්දන කාර්ය සාධක බලකාය පිහිටුවීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම් සහ වෙළඳාමේ හා ළමා රැකවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රයත්නයන් ඊට ඇතුළත් වේ.

පහුගියදා මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරිය ද එහි පැමිණ තිබුණේ අයගේ පවුලේ තිබු අඟහිඟකම් නිසාය. පවුල් වල ඇති අඟ හිඟකම් වලට දරුවන් බිලිවෙන යුගයක් තවමත් අපට ඇති බව මෙයින් මනාව තහවුරු වේ.

මේ වන විට ශ්‍රි ලංකාවේ ළමා ශ්‍රමය වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්ක ලෙස කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හදුනා ගෙන ඇති බව  කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට වතුකරය ආශ්‍රිතව ද කම්කරු නිලධාරීන් යොදවා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම් සිදුකරන බවය.

මේ වන විට වයස අවුරුදු 16 දක්වා දරුවන්ට පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර ඇති නමුත් එම වයස් සීමාවේ පසුවන, පාසල් නොයන දරුවන් බොහෝ දෙනෙක් අප සමාජය තුල තවමත් ඇත. මේ බාල වයස්කාර දරුවන් ගැන මේ වන විට සමාජයේ බරපතල ලෙස කථිකාවක් ගොඩනැගෙමින් ඇත්තේ ඔවුන්ට සිදුවන අකටයුතුකම් නිසාය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ වයස අවුරුදු 18 ට අඩු දරුවන් සේවයේ යෙදවීම තහනම් කෙරෙන තවත් අන්තරාදායක වෘත්තීන් සහ සේවාවන් නම් කර පවතින නීතියට නව සංශෝධන ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවය.

මේ අතර කොළඹ  රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා තිබුණේ විවිධ තාඩන පීඩනවලට, හිංසනයට ලක් වූ දරුවන් අවම වශයෙන් දෙදෙනෙකුවත් දිනපතා තම රෝහල වෙත පැමිණෙන බවකි.

මෙම ඇතැම් දරුවන් පහරදීම් හේතුවෙන් අස්ථි බිඳීම්, ලිංගික අතවරවලට ලක්වීම් ඇතුළු දරුණු ගණයේ හිංසනවලට ලක්වූවන් බවද විශේෂයෙන් ශාරීරික හා මානසික පීඩාවලට පත්වන දරුවන්, ලිංගික අතවරවලට පත්වන දරුවන් දහස් ගණනක් සිටින බවත්, එවැනි ඇතැම් සිද්ධීන් කිසිදු වගකිව යුතු ආයතනයක් වෙත වාර්තා නොවන බවත් වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම මේ වන විට දෙමාපිය සෙනෙහස අහිමිව ළමා නිවාසවල ජීවත ගත කරන දරුවන්ගේ ප්‍රමාණය 13,000 ඉක්මවන බවයි ඔහු සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද (27)  සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඊට ළමා හා කාන්තා කාර්යාංශයේ සහ ප්‍රජා පොලිස් ඒකකය එක්ව සිටියි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාද සඳහන් කර ඇත්තේ  ලංකාවේ රැකියාවල් 51 ක් ළමුන්ට නුසුදුසුයි කියා නීතියෙන් ප්‍රතිපාදන සම්මත කර තිබුණද  ළමුන් නිවාසවල මෙහෙකාර සේවයේ  Domestic Labour වැඩ කිරීම ලංකාවේ තහනම් කළේ නැති බවය. එදා රජය, වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලන ආදිය එකතු වී ළමුන් නිවාසවල වැඩ කිරීම තහනම් නොකිරීමට තීරණය කළ බවත්  එහෙත් සිවිල් සමාජය එදත් ළමුන් නිවාසවල වැඩ කිරීමට  විරුද්ධව පෙනී සිටියා යැයි කියා සිටියි.

දැන්වත් වහාම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීමට නීතියෙන් තිබෙන අවස්ථාව නැවත සලකා බලා ළමුන් නිවාසවල වැඩ කරන මෙහෙකාර සේවය වහාම තහනම් කළ යුතු යැයි ඉරාන් වික්‍රමරත්න රජයෙන් ඉල්ලා සිටියි.

ලෝකයේ ගෝලීය අර්බුදයක්ව පවතින මේ ළමා හිංසන, ළමා මිනිස් ජාවාරම මේ වන විට වඩාත් ඉහළ යමින් ඇත්තේ කොවිඩ් 19 වසංගතයක් සමඟ මතුව ඇති ද්‍රාරිතතාවය හේතුවෙන් බව අප අමතක නොකළ යුතුය. ඒ නිසා ජනතාව ද්‍රරිතතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කිරිම අත්‍යවශ්‍ය දෙයකි.

-ශානි-

Social Sharing
නවතම