හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා තිබේ.
මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන බවට ශ්‍රී ලංකා මනව හිමිකම් කොමිසම වෙත ලැබී තිබු පැමිණිලි අනුව එම කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් මානව හිමිකම් කොමිසම විසින් මෙසේ කැඳවා ඇත.
මෙම වාර්තාව මේ මස 30 වෙනි දිනට ප්‍රථම ලබා දිය යුතු බව මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය මහතා ලිපියක් මඟින් වැඩිදුරටත් දන්වා ඇත.
මේ අතර මිය ගිය දැරියගේ මව වන ආර්. රංජනී මහත්මිය විසින්ද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේ තම දියණියගේ මරණය සම්බන්ධව සාධාරණ, අපක්ෂපාති විමර්ශනයක් සිදුකරන ලෙසටය.
-ශානි-