ණය ගෙවාගන්න බැරිවූ පොළොන්නරුව කතගේ දේපල වෙන්දේසියේ!

10% ක මාසික පොලියට සහ අවුරුද්දට 120%ක පොලියට ලබා දුන් රුපියල් ලක්‍ෂ 5ක ණයක් ගෙවීමට නොහැකි වූ පොළොන්නරුවේ කාන්තාවකගේ චංචල දේපල දෙසැම්බර් 14 වන දින  වෙන්දේසි කිරීමට තීරණය වී ඇත.

මෙම නඩුව සඳහා ඒක පාර්ශවිය තීන්දුවක් ලැබී ඇත්තේ, ණය ලබා ගත් කාන්තාව නඩුවට පෙනී නොසිටී නිසාය. (සමහර විට ඇයට නීතිඥ සහය ලබා ගැනීමට නොහැකි වන්නට ඇති) කෙසේ නමුත්, සාධාරණ පොළිය/ ගෙවීමට හැකි ණය ආදිය පිළිබඳ  කිසිත් නොසලකා ගිනි පොළී ණය සපයන්නන්ට වාසි ලෙස නඩු තීන්දු ලබා දෙන ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ණය ලාභීන් ආරක්ෂා කිරීමට වෙනස් විය යුතුය.

නීතිය ඇත්තේ පවතින ක්‍රමයේ බලය ඇත්තෝ ආරක්ෂා කිරීමට නිසා, ණය ලාභීන් ආරක්ෂා කිරීමට අවශ්‍යය නීති සංශෝධන නිකන්ම සිදු වේයැයි බලා නොසිට ඒ සඳහා පෙළ ගැසිය යුතුබව ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යසනයට විරුද්ධව කටයුතු කරන සමාජ ක්‍රියාකාරිකයන් පවසති.  ගිනි පොළී මුදලාලිලාට විරුද්ධව ගොවියන් පෙළ ගැසුනු අයුරු ඉතිහාසයේ ඇත. ගිනි පොළී මුදලාලිලා, මුල්‍ය කොම්පැනි මෙන්ම ඔවුන් රකින නීතියට එරෙහිව පෙළ ගැසීම්, සමාජය මෙහෙය වීම් දැඩි ලෙස අවශ්‍යය යුගයක අපි වාසය කරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරති.

Polonnaruwa woman's property up for auction

Social Sharing
නවතම