රජය දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන උත්සහයක

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකයක් මතු වන්නේ යැයි  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැති අතර ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

government continues to try to rely solely on the Covishield vaccine

රවී කුමුදේශ්

ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ අත්දැකීම ලබා දුන් නමුත් රටේ සාමාන්‍ය මහජනතාව සදහා එම අද්දැකීම ලැබෙන දිනය පිළිබදව නිෂ්චිත  දිනයක් පෙනෙන මානයක නොමැති අතර, ඒ වෙනුවට  එන්නත් සැපයුම්කරුවන්ගේ තරගයක් සුපුරුදු පරිදි ඖෂධ නියාමන අධිකාරිය හරහා මතුවෙමින් තිබෙනවා යැයිද ඔහු චෝදනා කර සිටියි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා මතුවුණු “එන්නත් ඉල්ලුම” සඳහා සැපයුම් ලබාදීම මේ වන විට ව්‍යාපාරික තරගයක් බවත්, ඒ සදහා සීතල යුද්ධ ක්‍රියාතමකව පවතින අතර ඇමරිකාව, එංගලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව මෙම ජත්‍යන්තර එන්නත් තරඟයේ මුල් පෙළට පැමිණ ඇතැයිද රවී කුමුදේශ් මහතා කියා සිටියි.

ඒ නිසා  ශ්‍රී ලංකාව කිසිසේත්ම තරඟකරුවෙකු නොවුණ බව හා ගැනුම්කරුවෙකු ලෙස එම තරගයේ ආසියාතික කලාපයේ ඉත්තෙක් පමණක් වන බව රටක් ලෙස වටහා ගනිමින් කටයුතු කිරීම, රටේ බහුතර මහජනතාවට වඩා හොඳ එන්නතක් ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය බව ඒ මහතා විශ්වාස කරයි.

ඒ නිසාම ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත පරිත්‍යාගයක් හරහා පැමිණ අප රටට විශාල සහනයක් ලබා දී තිබූ පමණින්, කොවිෂීල්ඩ් ඇබ්බැහියකට ලක්විය යුතු නැති බවද ඔහු සිහිපත් කර සිටියි.

ලෝකයේ එන්නත් තරගය දෙස විමසිලිමත් වීමේදී, මෙතෙක් නිෂ්පාදනය වී ඇති එන්නත් අතර මුලටම පැමිණ ඇත්තේ ඇමරිකාවේ ෆයිසර් එන්නත බවද  සිංගප්පූරුව ඇතුළු ලෝකයේ දියුණු රටවල් ගණනාවකම ඒ ඒ රටවල් වල ඖෂධ අධිකාරීන් විසින් අනුමත කර ඇත්තේ ෆයිසර් එන්නත පමණක් බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ  ලෝක සෞඛ්‍ය සංවිධානය,මේ වන විටත් සිය පුර්ව එකඟතාවය ලබා දී ඇත්තේ ෆයිසර් එන්නතට පමණක් බවය.

ඇස්ට්‍රා සෙනිකා එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය කාර්ය මණ්ඩලය සඳහා ලබා දීම පවා ඔවුන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වන බව කියා සිටින ඔහු පවසන්නේ  ෆයිසර් එන්නත RNA වර්ගයේ එන්නතක් වන බැවින් ප්‍රභේද සදහා වඩා සාර්ථක බවය.

එන්නත් පරීක්ෂාව ලෙස අපට දැනට කල හැකිව තිබෙන්නේ ලේබල් සහ ලියකියවිලි පරීක්ෂාව පමණක් වන බැවින්ද, ඊට එහා ගිය විද්‍යාත්මක හැදෑරීමකට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වැනි ආයතනවල් සූදානමක් නැති හෙයින්ද, මෙම ලියාපදිංචි කිරීම් ප්‍රමාද වීම සදහා විශාල හේතු තිබිය නොහැකි යැයි හෙතෙම කියා සිටියි.

මිලියන නවයක නව එන්නත් තොගයයක් ඇනවුම් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර වශයෙන්නද විශාල එන්නත් තොගයක් ලැබීමට නියමිත බවද මේකී සියළු ඇනවුම් සදහා කොවිෂීල්ඩ් පමණක් නිර්දේශ වන්නේ අහම්බයකින් නොවන බව ඔහු අවධාරණය කර සිටියි.

 

Social Sharing
නවතම