අධිකරණයට ගරු කිරීම, නීතියේ ආධිපත්‍යයේ අවසන් බලකොටුව – අලි සබ්රි

අධිකරණය සහ එහි නිලධාරීන් කිසිවිටෙකත් දේශපාලනික මතභේදවලට ඇද දමනු නොලැබිය යුතුය.

අධිකරණ තීන්දුවක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සඳහා ඇත්තේ විධිමත් මාර්ග දෙකක් පමණි:

  1. නීතිය පිළිබඳ කරුණු මත පාදක ව නඩු තීන්දුව පිළිබඳව ගුණාත්මක විවේචනයක් කිරීම
  2. තීන්දුව හෝ තීරණය පිළිබඳව ඉහළ උසාවියකට අභියාචනයක් (appeal) කිරීම හෝ ප්‍රතිශෝධනය (revision) සඳහා ඉල්ලීමක් කිරීම

මෙම ව්‍යතිරේක අවස්ථා දෙක හැරුණු විට, අධිකරණයේ අභිමානයට ගරු කිරීමට සහ එය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිමු.

නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයක, බලවතුන්ට එරෙහිව පුරවැසියන්හට ඇති එකම සැබෑ ආරක්ෂාව අධිකරණය වෙයි.

අධිකරණය දුබල කිරීම යනු ජනතාව බලවත් කිරීමක් නොවේ; එය අවසානයේ බලය හොබවන්නන් ශක්තිමත් කරයි.

අධිකරණය යනු යුක්තියේ අවසන් බලකොටුව වන අතර, බලවතුන් සහ දුබලයන් යන දෙපිරිසටම ආරක්ෂාව සපයන පලිහයි.

එබැවින්, අධිකරණය පක්ෂග්‍රාහී ගැටුම්වලින් ඉහළින් තබා ගැනීම සහ එහි ස්වාධීනත්වය සහ ගරුත්වය අනුපමේය ලෙස පවත්වා ගැනීම අපගේ සාමූහික වගකීමකි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි Mohamed Ali Sabry මහතාගේ පෝස්ටුවක සිංහල ඡායා අනුවාදය යි. සුදර්ශන ගුණවර්ධන මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

Social Sharing
නවතම පුවත්