
මාස හයකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවැති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රෙජිස්ටර් තනතුර සඳහා එම කාර්යාලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන ලසඳමාලා මුහන්දිරම්ගේ පත් කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව වාර්තා වේ.
ඇය කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරණයක් මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරණීයකද වේ.
මේ අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, වෙනත් අමාත්‍යංශයක් යටතට පත් කරන ලෙසට ප්‍රබල රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකින් එල්ලවන බලපෑම් හමුවේ, එම ආයතනය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යංශයය යටතට පත්කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවද වාර්තාවේ.
මූලාශ්‍ර හා ඡායා – theleader
