නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කර, ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො: 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ legal@moj.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි එම අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.

නව ත්‍රස්ත විරෝධි පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතීන්ට අනුගතවීමට අදහස් කරන බවයි අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Social Sharing
නවතම පුවත්